C-05

193 54 14
                                    

උදේම තෑග්ගක් හම්බවෙලා සුබ උනත් මොකෝ හවස උනේ මහ එපා කරපු වැඩක්.. මං ස්කූල් ඇරිලා එද්දි කේශීන් මගේ පස්සෙන් ආවා.උගේ නොසන්ඩාල කම කොච්චරද කියන්න බයක් නැතුව අපේ ගේ ගාවටම ආවනේ.ඌ ආවේ ස්කූටරේක.මං දන්නවා මට බයිසිකලෙන් එයාව පාස් කරලා යන්න බැරි බව.ඒත් මං අතෑරියේ නෑ ලෑල්ලට පාගලා ආවා.

"වේගෙන් ආවට වැඩක් නෑ අන්තිමට නවතින්න උනානෙ බබා"

"වදනොදී යන්නකො"

"ගේ ගාවට ආවම යන්න කියන්නෙ? හොඳ පුරුදු ඉගෙනගෙන නැද්ද .? හරි නම් ඔයා මට ඇතුලට කතා කරන්න ඕනි."

"බෑ...ඔයා ආපහු යන්න.අත්තමා කැමති නෑ යාළුවො ගෙදරට එනවට"

"ඒ මොකෝ ඒ?"

"දන් නෑ"

"හේතුව දැනගන්නත් එක්ක යමුකො ඇතුලට .මමම ඔයාගෙ අත්තම්මාගෙන් අහන්නම්."

මේක නම් කීයටවත් කරන්න බෑ .මොකද අද අත්තම්මා ගෙදර නෑ .එයා බැංකුවට ගිහින්.
මූව ඇතුලට ගත්තොත් මං විනාසයි.

"බෑ බෑ ....කිව්වම අහලා යන්නකො"

"මොකෝ මේ බය වෙලා? ම්ම්ම්ම්...පේන විදිහට කවුරුත් ගෙදර නෑ වගේ  හහ් හා..."

"නෑ ඉන්නවා..ඒකෙන් ඔයාට වැඩක් නෑනේ.යන්නකො"

"සද්ද වහලා දොර අරින්න බබෝ..දන්නවනේ මං කව්ද කියලා"

කේශීන් මගේ අතින් අල්ලගත්තා.

"අනේහ් අතාරින්න...අතාරිනවා මාව"

"මොකද්ද මෙතන වෙන්නෙ! යීබෝ කව්ද මේ?"

හනේ හොඳ වෙලාවට කොහෙදෝ ඉඳන් ඩේව් ආවා.ඒත් මං උත්තර දෙන්න කලින් අරූ මැද්දට පැන්නා.

"මං එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් .තමුන් කව්ද?"

ඩේව් මං දිහාත් අමුතුවට බලලා මොකුත්ම නොකියා ,අත් දෙක සාක්කුවලට දාගෙන ආපිට යන්න හැරුනේ හරියට එයා අදාල නැති දේකට කතා කරන්න ආවා වගේ.

"දන්නවනෙ අපේ තාත්තා ගැන... හිතුනොත් කුඩු කේස් එකකට ඔයාවයි අත්තම්මාවයි දෙන්නවම ඇතුලට දානවා.ඒක නිසා දොර අරින්න"

කේශීන් ඒක කිව්වෙ මට විතරක් ඇහෙන්න වෙනකොට මගෙ ඉහමොල රත් උනා.

Between UsWhere stories live. Discover now