C-11

128 33 14
                                    

අද හරීම ලස්සන දවසක්..ඒකට හේතුව තමයි මං ටික දවසක ඉඳන් කරන්න ආසාවෙන් හිටපු වැඩකට සල්ලි ටිකක් එක්කහු කරගත්තු එක.කන්න දීපු සල්ලි හරිම අමරුවෙන් කඩචෝරු නොකාම ඉඳලා එකතු කරගත්තට මොකෝ අයියා මාත් එක්ක එන්න බෑ කියයිද? නෑ එයාව කෝමහරි කැමති කරගෙන එක්කන් යන්න ඕනි.

ඔව් ඔව් මං මේ එයා එක්ක ඩේට් එකකට යන්න ප්ලෑන් කරන්නෙ.

වෙනදට කතා කරලා තට්ටු කරලා යන අයියාගේ ගෙදරට දැන් මම ගෙවල් අයිතිකාරයා වගේ තමයි යන්නේ..ඔහේ රිංගනවා.

"අයියෙහ්.."

"කොයි වෙලේද ආවෙ?"

"දැන් දැන් අනේ.."

"කෝ පොත් ගෙනල්ලා නෑනේ"

"පොත් නෙවේ...මං බඩ්ඩක් කියන්නම් කරනවද?"

"මොකද්ද?"

මං වැඩි හොඳට එයාගෙ අතිනුත් අල්ලගත්තා.

"මාත් එක්ක අද එළියට යන්න එනවද?"

"එළියට?"

"ම්ම්ම් ඔව්ව් වැඩි දුරක් නෙවේ මේ ලඟට"

"මට වැඩ වගයකුත් තියෙනවා හැබැයි..."

"අනේ......අයියේ.."

මං එයා දිහා මූණ බෙරි කරගෙන බලන් එයාගේ අත දෙපැත්තට හෙලෙව්වා.

"හරි කමක් නෑ අපි යමු"

"මගෙ හොඳ අයියා."

"එළියෙන් ඉන්නකො මං ඇඳුමක් දාගෙන එන්නම්"

"ඉතින් මං හිටියම මොකද?"

"tsk"

එයා ඇහිබැම් දෙකත් ලන් කරගෙන  මං දිහා කන්න වගේ බැලුවා.

"ආ හරි හරි මං එළියෙන් ඉන්නම්."

මං හිමීට මී පැටියා වගේ ලිස්සලා කාමරෙන් එළියට ගියා. මෙයාගෙත් මලවිකරනේ..

.
.
.
.

අපි දෙන්නා හිටියේ පාරේ ඇවිදගෙන යන ගමන්..මගේ අතයි එයාගේ අතයි ලාවට වගේ එකට ගෑවෙනවා. ගෑවෙනවා නෙවේ මං ඕනිකමින් ගාවනවා. දෙපාරක් නොහිතා මං එයාගේ අතේ ඇඟිලි අතරෙ හිඩැස් පිරෙව්වා. එයාට ඕක මහ ගානක් නෙවෙයි මොකද ඉතින් මං හැමවෙලේම ඉන්නේ එයාගේ අතේ එල්ලිලානේ. ඒත් මට මේක ගොඩක් ලොකු දෙයක්.. මොකද මං එයා එක්ක එළියට යන පලවෙනි වතාව මේ.

Between UsWhere stories live. Discover now