C-06

203 49 13
                                    

මං වොශ් එකක් දාගෙන එනකොට ඩේව් සාලේ තියෙන් සෝෆා එකෙන් ඉඳගෙන එයාගේ ෆෝන් එක ඔබ ඔබ හිටියා.

"ඩේව් ඔයාට බොන්න මොනාහරි හදන්නද?"

"ඕනි නෑ ඔයා ගිහින් ටිකක් නිදාගන්න .අත්තම්මා ආවම මං යන්නම්"

මං ආයෙ මොනවද කියන්න හදනකොට එයාට කෝල් එකක් ආවා වගේම එයා කටට ඇඟිල්ල තියලා මට නිශ්ශබ්ධ වෙන්න කිව්වා.

"මට අද හදිස්සි වැඩක් වැටුනා. ඒ හින්දා meeting එක හෙටට postpone කරන්න. ස්‍ටාෆ් එක දැනුවත් කරන්න.ඔව්...හෙට මේ වෙලාවටම. හරි ...හරි ඒ ටික මේල් කරන්න කලින් මට කොපි එකක් එවන්න. හ්ම්ම්"

එයා කතා කලේ මොකක් ගැන නමුත් ඒ කියපු හදිසි වැඩේ නම් මගෙ තනියට ඉන්න එක කියලා තේරුනා.

"මොනාද බලන් ඉන්නෙ නිද්ගන් නැද්ද?"

"බෑ වගේ..."

"එහෙන්ම් හෝම් වර්ක් කරන්න"

"ඈහ්?"

යෝහ් එපා වෙනවා.මං සාලේම පුටටුවක් උඩ තිබ්බ   බෑග් එක ඇතුලෙන් ගනන් පොත එළියට ගත්තා.

හදනවට වඩා වෙන්නෙ උඩ බලාගෙන ඉන්න .ඇයි ඉතින් පීරියඩ් කට් කලාම කාටද ඉගෙනගන්න පුළුවන් වෙන්නෙ.

"මොකද උඩ බිම බලන්නෙ ඕවා බැරිද?"

"ම්ම්ම්...ම්හ්ක් බෑනේ"

"ඇයි බැරි? ස්කෝලෙ හරියට උගන්නන් නැද්ද?"

"ස්කෝලෙ නම් උගන්නනවා...ඒත්.."

"ඒත් ?"

"මං මේක කියාදෙද්දි පීරියඩ් කට් කලා..හී....ආයි ආයීඊඊ...ඌ"

මං එහෙම කියද්දි මේ මනුස්සයා මගේ කන ඇඹරුවනේ...හනේව්. ඌයියා .

"ඉගෙනගන්න කාලේ ඉගෙනගන්න එකහරියට කරන්න ඕනි.නැත්තම් අන්තිමට වෙන්නේ ජීවිතේම පසුතැවෙන්න.ඉපදෙනකොට මනුස්සයෙක් අරගෙන එන්නෙ  නැති වටිනාකමක් අධ්‍යාපනයට දෙන්න පුළුවන්.තේරුනාද?"

"ම්ම්ම්ම්ම් ඔව්."

"හරි කෝ ගන්නව බලන්න පොත."

"........................"

"මේ පාඩමේ මොනාද නොතේරෙන කොටස්?"

"මේක බෑ මේක බෑ මේකත් බෑ...මෙතනින් එහා පිටු ටිකත් බෑ"

මං පිටු පෙරල පෙරල කිව්වා.

Between UsWhere stories live. Discover now