අලුත් දවස කට ඉර පායලා තියෙද්දි මම ස්කූල් යන්න ලෑස්ති වෙලා උණු උණු කිරි කෝප්පෙකට වැඩේදෙන ගමන් මගේ කාමරේ ජනේලේ ඇරියා.
හම්මටසිරි මෙන්න මෙයා උදේම එක්සයිස් කරනවා.මගේ ඇස් කෙලින්ම නතර උනේ එහා ගෙදරට අලුතෙන් ආපු කොල්ලා ගාව. එයා අත් උස්සනවා..පහලට දානවා පැත්තට හැරෙනවා ...එතකොට එයාගේ අත්වල තියෙන මස්පිඩු පිම්බිලා පිපිරෙන්න සයිස් එකට එනවා.වාව්..
මං කෙලින්ම බැලුවෙ මගේ අත දිහා.හනේ දෙයියනේ අර ගානට එන්න මට තව හුගාක් කෑම කන්න වෙයි .මං සුසුමක් හෙලමින් ආපිට හැරිලා මගේ පොත් ටික බෑග් එකට අහුරගත්තා.
මගෙ කොල පාට ෆුට් බයිසිකලේ නැගලා මං යන්න ගත්තෙ එහා ගෙදර කොල්ලා දිහාටත් හොරෙන් බැල්මක් දාලා. එයාගේ ඇඟ දාඩියට දිලිසෙනවා. මටත් දාඩිය දැම්මම ඔහොම ලස්සනට පේනවද දන් නෑ....
මං ටික දුරක් යද්දී අපේ ස්කූල් එකටම යන තවත් බයිසිකල් කටු දෙකක් මාත් එක්ක එකතු උනා. මං නිකමට උන් දෙන්නා දිහාත් බැලුවා.උන්ගෙත් අතපය මගේ වගේ ලීකෝටු තමයි.ම්හ්ක් අර කොල්ලගෙ විතරක් කොහොමද අතපය අරම ලස්සනට පිපිලා තියෙන්නේ.?
.
.
.
.
.
.
.
.
.
අපෝ මැත්ස්..මට එපාම කරපු සබ්ජෙක්ට් එක.මැත්ස් ටීචර් ක්ලාස් එකට එනවා පේනකොට මගෙ ඔලුවෙ පැත්තක් රිදෙන්න ගත්තා.මං හොරාට ඩෙස් එකේ ඔලුව ගහගත්තා..හී හී හොර ලෙඩ ."යීබෝ..... යීබෝ......"
ටීචර් දෙතුන්පාරක් කතා කරද්දි මං මලානික මූනකින් ඔලුව උස්සලා බැලුවා.
"මොකද නිදි?"
"ඔලුව රිදෙනවා ටීචර්..ඒකයි"
"ම්ම්ම්..යන්න සික් රූම් එකට එහෙනම්.ගිහින් බෙහෙත් මොනාහරි බොන්න"
හම්මෝ ඉතින් මට ඊට වඩා සතුටක් නෑ.මං ක්ලාස් එකෙන් නැගිටලා එළියට ආවා.මං දැන් කොහෙටද යන්නේ? මට ඕනි නම් කැන්ටීන් එකට යන්න පුළුවන් .වොශ් රූම් යන්නත් පුළුවන් .ම්ම්ම්ම් මුලින් කැන්ටින් එකට ගිහින් පස්සෙ වොශ් රූම් යනවා..ඊටත් පස්සෙ ග්රවුන්ඩ් එකට යනවා.
මං කැන්ටින් එකෙන් ලොලොපොප් එකක් අරන් ඒ වෙලාවෙම කටේ ඔබාගත්තා.ටිකක් වටපිට බලද්දි එක පාරටම දැක්ක රූපේ නිසා මට ලොලොපොප් එක ගිලෙන්න ආවා..
