ස්කූල් ඇරිලා බයින් බඩගාන එක තමයි මට එපා කරපු වැඩේ...මොනා කරන්නද මගේ දඬුමොනරෙත් කැඩිලානේ. දැන් මං මේ පයින් යන තුන් වෙනි දවස.අලුත් එකක් ගන්න බැරි නම් පරණ එක හදාගන්න වත් අත්තම්මට කියලා බලන්න ඕනි.මේ කරුමෙ හැමදාමත් කරන්න බෑනේ..තව කිලෝමීටර් ගානක් යන්න තියෙයි.
මං හති දදා කොන්දහරියෙන් නැවිලා දණිස් දෙකට අත් දෙක තියාගෙන මහන්සි ඇරියා. ඒ වෙලාවෙම වගේ මට එහා පැත්තෙන් කාර් එකක් නැවැත්තුවා.වාව්....ඒකේ ලස්සන. මේ ඒරියා එකේ කාටද බොලේ මේ වගේ වාහනයක් තියෙන්නෙ?
මං උනන්දුවෙන් බලද්දි ඒ කාර් එකේ පිටිපස්සෙ වීදුරුව පාත් උනා. මොනවා! ඒක ඇතුලෙ ඉන්නෙ ඩේව්නෙ. මෙයා මොනාද මේ කාර් එකක් අස්සට වෙලා කරන්නෙ?
"නගින්න..."
මං තවත් කල්පනා කරද්දී ආයෙම සිහියට ආවේ ඩේව්ගෙ සද්දෙට.
"ඈහ්?"
"නගින්න .අපිත් එක්ක යන්න පුළුවන්"
එයා එහෙම කියලා කාර් එකේ දොර ඇරලා මට ඉඩ දීල එයා ශීට් එකේ ටිකක් එහාට ගියා.
මං කාර් එකට නැගලා හරිබරි ගැහිලා ඉඳගෙන වටපිට බැලුවා.ඉස්සරහ ඉන්නෙ කෝට් එකක් දාගත්ත මනුස්සයෙක් වෙනකොට එයා මං දිහා උඩ කණ්නාඩියෙන් බලන් හිටියා.
ඩේව් කොහොමද මෙහෙම සුපිරි කාර් එකක් අස්සෙ ඉන්නෙ කියලා මට දැන් හෙන කුතුහලේ.. ඒ හින්දා මට ඉවසන්න බැරි තැන මං ඩේව්ගේ අතට වැලමිටෙන් ඇන්නා.
"ඇයි?"
යකෝ රහසින් කතාකරන්න හිතාගෙනනේ මං ඇන්නේ. මේ මෝඩයා හයියෙන් මගෙන් ඇයි කියලා ඇහුවා.
"ඔයා මොකද මේ වාහනයක් අස්සෙ කරන්නෙ?"
මං රහසින් වගේ ඇහුවා.
"ආහ් මේ ඉන්නෙ ශෙන්. මගෙ යාළුවෙක්..නේද මචං"
"ඔ..ඔව් මචං."
ඉස්සරහ ඩ්රයිව් කරන කෙනාත් මෙයාගෙ කතාවට හවුල් උනා.
"ඔයාට කොහෙන්ද මේ සල්ලිකාර යාළුවො?"
මං ආයෙම ඩේව්ගේ කනට කරලා රහසින් ඇහුවා.
"ඇයි මට ඉන්න බැරිද ..ම්ම්ම්ම්?"
