කියන්නට කිසිවක් නැති වූ තැන හිස්ව
හිස පුරා කළු පැහැය පමණක් ඇති වූ තැනක
අරුතක් නැති හඬකින් හද මොර නගා හඬන කල
වැළඳ ගන්නද දුක් නොකියා හැඬු වර්ෂාව?නගන තුරු සිලි සිලි හඬ වැසි වැටෙන කල
විහඟුන්ගේ හුරතල් නද වතු දෙදරා යන
නිහඬයි නිවෙස් සියලු දෙනා ගුලිව ඇඳ මත
එන්නද මා එකලට වැස්සේ දුක අසන්නටරිදුණ කලට මොර නගලා හඬාපන්
කියන කලට හඬ නගලා කියාපන්
පිරිමි වූ මතින් දුක නොමැකෙන බව දැනීයන්
අනේ අහස උඹ තව තව වැහි මවාපන්
_____
2023. 10. 01
පිදුම :
දම් පාට මල් අතරේ කවිවලින් ආදරේ හොයපු දෙවන්මාට.

VOCÊ ESTÁ LENDO
ඇස්ටර් මල් පෙති | poems
Poesiaසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට