පොත් පරණ වෙනකොට
පිටු කෝපි පාට ගැහෙනව ..
සමහරක් පොත් වල පිටු දෙක
තුන ඉරෙනව...සමහරක් පොත් ස්පර්ෂ නැතුවම
වයසට යනවා ...
පුස්තකාලෙක උඩම රාක්කෙක
දූවීලී එක්ක උන් පෙම් බදිනව.මමත් එහෙම
පොතක් කෝපි පාට ගැහුන
උබ ගැන ලියපු පිටු
පෙරලල වැඩිකමට ද
කොහෙද ගැලවුන..
මමත් එහෙම පොතක් දූවිලි
වලට පෙම් බැන්දනෑ වැරදුනා පාලුවට ගිය පුස්තකාලයක්
මම ...
උබ ගැන ලියපු පොත් ටික හොරු අරන් ගිය..
පුලුවන් ද උබ ගැන ලියල ඉවර කරන්න පොත් දාහකින්
සමා වෙන්න සසර ගනුදෙනු අකුරු
කරන්න පුලුවන් ශබ්දකෝෂ
තියේවීද පරණ පුස්තකාල වල-------ජැන්ජේ----
ඉතින් මගේ ආදරණීය පිස්සනි
උබලගේ ආදරය අකුරු කරහල්ලා..
හති වැටුන දවසක උබල උබලටම
කවි ලියාගෙන ඒවයින් සැනසියන්...
YOU ARE READING
අමාවක හඳ
Poesíaඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠