මෙය මරණයේ තැනිතලාව නම් වූ, මිනිස් හුස්මක්වත් නොවැටුනු තරම් හුදකලාවෙ වැළලුනු තැනිතලාවක,, අවුරුදු දහස් ගණනක් හුදකලාවේ වාසය කළ, ශීතලෙන් මිදුණු හදවතක් සහිත අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු, ඇයගේ සධාකාලික සෙනෙහසෙහි පුරාවෘතයයි..
මේ ලොකයේහි ජීවීන් හටගන්නේ කෙසේද, කුමන හේතුවකටදැයි තවමත් කිසිවෙක් නොදනී.. මනුෂ්‍යයන් සේම අමරණීය ආත්මද ස්භාධර්මයේ මැවුමකි.. නමුත් එලෙස සැඟවුණු ආත්මයන් මේ මහපොළව මත වාසය කළාදැයි මනුෂ්‍යයන් නොදනී..
අමරණීය ආත්මයන්ගේ ප්‍රධාන වගකීම වූයේ ස්භාධර්මය ආරාක්ෂා කිරීමයි.. ඔවුන් මිනිස් වාසයෙන් තොර වූ භූමි කොටස් වලට අරක්ගෙන ඒවා ආරක්ෂා කරමින් ජීවත් වූවෝය.. ඒහෙත් අමරණීය ආත්මයන් අතර මූලික අරමුණ වූයේ ධ්‍යාන වඩා අධ්‍යාත්මික ශක්තීන් දියුණු කර දිව්‍යත්වය ලබාගැනීමයි..
එලෙසම ඔවුන් මේ ලෝකයේහි නොපවතින්නක් සේ සැඟවී ජීවත් විය යුතුය.. මෙලෙස ආත්මයන් සිටිනවාදැයි කිසිම මනුෂ්‍යයෙක් නොදනී.. ඔව්න් ස්භාධර්මයේ එම නීතියට විරුද්ධ වුවහොත් ස්වර්ගයෙන් දඩුවම් විදිය යුතුය.. මෙම ආත්මයන් මනුෂ්‍යයෙකු විසින් හඳුනාගත්තද, එය තවදුරටත් ඔවුන්ගේ මතකයෙහි කොටසක් නොවනු ඇත.. ඒ ඔව්න් හට විශේෂ වූ, මනුෂ්‍යන්ගේ මතකයන් වෙන් කර ඉවත් කිරීමට හැකි අධ්‍යාත්මික ශක්තිය නිසායි..
මෙලෙසම යක්ෂ සහ භූත ආත්මද හුදකලාවෙන් පිරුණු සුන්දර වූත් මායාකාරී හුදකලා ස්ථාන වල මන්ෂ්‍ය ඇස් වලට නොපෙනී වාසය කරන නමුත් ඔවුන් අමරණීය ආත්මයන්ගෙන් බොහෝ වෙනස් වූයෝය.. ඔවුන් වඩාත් දුර්වල වූ අතර අදුරු ශක්තිය මත යැපුණෝය.. හොද ශක්තීන්, සිතුවිලි සහිත මනුෂ්‍යන් ඔවුන්ට ගොදුරු කර ගැනීම දුෂ්කර වනු ඇත.. මනුෂ්‍යන්ට නොපෙනුනත් ආත්මයන් හට පෙනෙන ආරාවක් මන්ෂ්යන් වටා පවතී.. එම ආරාව දීප්තිමත් නම්, මනස ශක්තිමත් නම් ඔවුන්ව ගොදුරු කරගැනීම බොහෝ දුෂ්කර වන නමුත් එම ආරාව අදුරුයිනම්, නපුරු චේතනා වලින් පිරී ඇත්නම් ඔවුන් මෙම යක්ෂ ආත්ම වලට ගොදුරු කරගැනීම පහසු වනු ඇත.. එහෙත් මනුෂ්‍යයන් සියල්ල යන්තමින් හෝ දැන සිටියේ හෝ විශ්වාස කලේ මිනිසුන් නොවන සියල්ල යක්ෂයන් වේ යැයි පමණි..
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Fantasyමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...