ලා කොළ මිශ්‍ර තැඹිලි පැහැ තෘණ පදුරු වලින් පිරී ගිය, ඉමක් කොනක් නොපෙනෙන හුදකලාවෙ අතරමං වූ තැනිතලාව, මද අදුරකින් වෙලී තිබුනේ සැදෑයාමයට ළංව පැවති නිසාවෙනි.. විටෙක සන්සුන් වූත් විටෙක රළු වූත් සුළං රැල් නිසාවෙන් තණකොල ගස් 'සර' 'සර' හඩ සමගින් මායාකාරී හඬරටා මවන්නට වූයේ, තැනිතලාවෙහි නිහඬ වූත් මූසල හුදකලාව තවත් ඉස්මතු කරවමිනි.. මිනිස් හුස්මක්වත් නොවැටුනු, වන සතුන්ද එතරම් නොවූ මේ පාළු තැනිතලාවේ, ඇටකටු පවා සීතල වන තරම් නිහඬ සන්සුන් බවත් රැඳී තිබුණි..
මඳ සුළඟත් සමග එම මඳක් වියළුනු තණකොළ වලට ඉහළින් දෙපතුල් ගෑවී නොගෑවී පවතින ලෙස පාවෙමින් තිබුණේ හුදෙකලා අමරණීය ආත්මයකි..ඇයගේ සුදු පැහැයෙන් යුතු ළා රත්රන් පැහැ මිශ්‍ර දිගු ගවුම දෙපතුල් වලිනුත් මදක් පහතට වැටී තණකොල ස්පර්ශ කරමින් ඇය පසුපස ඇදී යන්නට විය.. ඇයගේ සම ගවුමට සමාන හිම පැහැයෙන් යුතු වූ අතර ඇයගේ තොල් ලා රත් පැහැ හිම පැහැයෙන් යුතු වූවාය.. ඇයගේ හිම පැහැ දිගු වූ කොණ්ඩය සුළං රැළි සමග සෙල්ලම් කරමින් නිදහසේ පාවෙමින් තිබුණි.. ඇයගේ ලා පැහැ අතරමන් කරවන සුළු මායාකාරී දෑස් දිගු වූ අතර හුදකලාවෙන් සහ කරුණාබර වූ නිවුනු බවකින් පිරී තිබුණි.. ඇයගේ නළලතෙහි නෙළුම් පෙති අතර වූ අඩ සඳක හැඩැති අධ්‍යාත්මික සළකුනක් වූ අතර, එය දීප්තිමත් සුදු පැහැයෙන් මදක් දිලිසෙමින් තිබුනේ ඇයගේ නිවුනු දිව්‍යමය සුන්දරත්වය වැඩි කරමිනි.. ඇය සම්පූර්ණයෙන්ම රත්රන් මිශ්‍ර සුදු පැහැයෙන් සහ මහපොළවේ නොපවතින තරම් පිවිතුරු බවකින් නිමැවී තිබුණි..
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Fantasiමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...