ඔහුගේ හිමපැහැ මුහුණ දිගේ කදුලක් ගලා යන්නට විය..
" මට ඕනි වුනේ ඇයව සිපගන්න විතරයි.."
" මම...මම හිතුවෙ ඒ ආදරය නිසා කියලා..."
ඔහු ඔහුගේ ලේ ගෑවී තිබුණු අත දෙසම, වේදනාකාරී බැල්මෙන් සහ වෛරයෙන් බලා සිටින්නට විය..
" ඒත්.. ඒ අදුරු මායාව නිසාද??"
" මම... දැන්..ඇත්තටම යක්ෂයෙක් නිසාද??.."ඔහු නැවත ආදරණීය දුක්මුසු දෑස්වලින් ඇය දෙස බැලූ අතර සෙමින්, සෙමින් අතක් ඇයගේ මුහුණ වෙත ගෙනයමින් ඇගිලිවල පිටතින් ඇයගේ මුහුණ මෘදුව ස්පර්ශ කරන්නට වූයේය.. එය ඉතාමත් මෘදු ස්පර්ශයකි.. ඔහු ඇයගේ සම මත ගෑවෙන නොගෑවෙන තරමින් අල්වන්නට වූයේ තවදුරටත් ඇයව ඔහුට අයිති නැති ලෙසයි..
" Xia Feng... මට තවදුරටත්...ඔයා ළගින් ඉන්න බැරි වේවි..."
ඔහු ආදරණීය සන්සුන් හඩින් පැවසුවේ ඇයට පමණක් ඇසෙන ලෙසයි.. නමුත් ඒවා ඇයට නොඇසෙන බවත් ඔහු හොදින්ම දැන සිටියේය.." මොකද....මට දැනෙන හැගීම්..එන්න එන්නම අමුතු වෙනවා.."
" මට මාවම පාලනය කරගන්න බැරිවෙනවා..."
..
" Xia Feng..."
" මට මේ හැගීම්...ඇත්තටම තේරෙන් නැහැ...".
.
.
ඔහු එම අත මිටමොලවමින් ඇයගෙන් ඉවත් කර ගත්තේ කදුළක් දෑසකින් ගලායන විටදීය..
" ඒ නිසා..."" Xia Feng.."
ඔහු ඇයගේ මුහුණ වෙතට තවත් ළං වෙමින් ඇයගේ පියවුණු දෙනෙත් දෙසම බලාගෙන පවසන්නට විය..
" මට ඔයාගෙන්...සමු ගන්න වෙලාව ඇවිත් වගේ..."
" මගෙන්......ඔයාට..ආයෙත් කරදරයක් වෙන්න කලින්.."" හ්හ්.. "
ඔහු වේදනාමුසු දෑස් වලින් ඇය දෙසම බලාගෙන තමා ගැනම කළකිරීමෙන් මෙන් මදක් සිනාසුනේය.. ඉන් පසුව මෘදුව ඔහුගේ නලල ඇයගේ නළල මතින් තබමින්, ඇයගේ නාසය අසල මුහුණ මතින් උණුසුම්ව තොල් තැබුවේය.. මොහොතක උණුසුම් මෘදු සිපුමකින් පසු ඔහු ඇයගේ මුහුණ මතින් තොල් ගෑවෙන නොගෑවෙන ලෙසම තබාගෙන කතා කරන්නට විය.." Xia Feng, ඔයා දන්නවාද??"
" මට ජීවත් වෙන්න පුලුවන් ඉතිරි කාලය පුරාම....මට ඕනි වුනේ ඔයා ළගින්ම ඉන්න විතරයි.."
" ඔයත් එක්ක එකටම... මොහොතකටවත් ඈත් නොවී..... හරියට..."
" අතීතයේ වගේම.."
.
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Fantasyමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...