" Xiao...මම...මම ඔයාට කැමතියි..."
" මම ඔයාට ගොඩාක් කැමතියි.."
..
" ...... "
ඔහු ඇසුනු දෙයින් තවත් පුදුමයට පත් විය.. ඔහුගේ දෑස් මදක් ගැස්සුනු අතර නොසෙල්වීම හැගීම් විරහිත මුහුණින්, අතරමංවන මිදුණු දෑස් වලින් ඇය දෙසම බලා සිටියේය..( එහෙනම්.. ඇය...ඇයත් මට කැමතියිද??)
ඔහු තවමත් ඇය දෙසම බලා සිටි අතර කිසිවක් නොකීවේය..
( නැහැ... ඇය...තාම දන්නෙ නැද්ද? මම මනුෂ්‍යයෙක් නෙවෙයි කියලා??)( ඇය මට වෛර කරන් නැද්ද? මට බය නැද්ද? මම මනුෂ්‍යයෙක් නොවන නිසා?)
ඔහුගේ සීතල මුහුණින් ඔහු සිතන දේ, ඇයට සිතාගත නොහැකි විය.. ඒ මොහොතේ ඇයට, ඇය පැවසූ දේ භයානක බව අවබෝධ විය.. ඔහු ඇයට අකමැතිනම් දැන් ඔහු ඇයව අතහැර දැමීමට හෝ ඈත් කිරීමට උත්සහ දරාවි යැයි ඇය බිය වූවාය.. ඇය ඉක්මනින්ම ඔහුගේ අත තදින් අල්වාගත්තේ, ඔහු ඇයව මෙහි තනිකර දමා අතුරුදන් වීමට යනවා මෙන් බිය වූ නිසාවෙනි.." Xiao.... මට සමාවෙන්න.. මම ඒක හිතල කීවෙ නෑ.."
ඇය බිය වූ නිසා එක්වරම එසේ කියවුණි.. නමුත් මේ අවස්ථාව අතහැර දැමීමටද ඇය ලෝභ වූවාය.." නෑ... මම කීවෙ.."
ඇයගේ හදවත ඔහුව නැතිකරගැනීමට බිය වූ තරමටම ඔහුව අයිති කරගැනීමටද ලෝභ වන්නට විය.." Xiao...."
" මම කීවේ... මම.."
ඇයට ඉතිරිය පැවසීමට ශක්තියක් නොමැති ලෙස වචන මගින් ගිලගන්නට වූවාය..
" මම..."
" මාව නවත්වන්න උත්සහ කලා.. මම මාවම පාලනය කරගන්න හැදුවා..."
" ඒත්..ඒත් මගේ හදවත ගොඩාක් රිදෙනවා Xiao.."
" මම හිතන්නෙ මට තවත් ඒක කරන්න බෑ... මම දන් නෑ..මම මොකද කරන්න ඕනි කියලා.."
ඇයට ඔහුගේ දෑස් දෙස බැලීමට නොහැකි බවක් දැනුන බැවින්, එදෙස නොබලාම කියවගෙන ගියාය..
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Fantasyමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...