ඔහු එය කියවා අවසන් වනවිට කෝපයෙන් සහ වෛරයෙන් වෙවුලමින් මෙන් දෑත් මිටිමොලවාගත් අතර ඒත් සමඟම ඔහු එතනින් අතුරුදන් විය..
" වාහ්... ඒ මොකද වුණේ?? "" මොකක්ද උනේ?? "
" ඒ.. දැක්කද මෙතන සිටි අයෙක් අතුරුදන් වෙනවා.."
" ඔව් මාත් දැක්ක.."
" නැහැ..මනෝ විකාර ද?.."
" අද ගොඩක් අසුබ දවසක්නෙ.."
" ඔව්.. අහිංසක කුමරිය.."
" ශ්හ්... කෑ ගහන්න එපා.. ඔබටත් මිය යන්න ඕනිද.."
....
ඔහු ඇයව එල්වා තිබූ දඬුවම් භූමියෙහි මිනිසුන්ට පිටුපසින් නොපෙනෙන පරිදි, ඈතින් මතු වූයේය.. ඇයට දඩුවම් දෙන ස්ථානයෙහි මිනිසුන් පිරී වට වී සිටියෝය.. එය පිහිටා තිබුනේ නගරය තුළම බැවින් එය සාමාන්යෙන් මිනිසුන් ගැවසෙන ස්ථානයකි.. සමහර මිනිසුන් ඇයට තවමත් ශාප කළ අතර තවත් සමහරුන් ඇයට අනුකම්පා කළහ.. නමුත් එතනින් ඇසුනේ ශාප කිරීමේ හඬ පමණි..
ඇයට පහර දුන්නේද ඇයට වෛර කරන මිනිසුන් දෙදෙනෙකු විය යුතුය.. ඇයට පහර දෙන වාරයක් පාසා ඔවුන්ගේ මුහුණේ තෘප්තිමක් සිනහවක් රැදී පැවතුණි..Xiao නොපෙනෙන තරම් වේගයෙන් අතුරුදන් වෙමින් මිනිසුන් අතරින් ඉදිරියට පැමිණ මතුවූ අතර, ඔහුව කිසිවෙකු නොදුටුවේ ඔවුන්ගේ අවධානය කුමරියගේ දඬුවම වෙත යොමු වී තිබුණු බැවිනි.. ඔහුගේ සීතල මුහුණේ කෝපයෙන් වියරු වූ බැල්මක් රැදී පැවතුණි..
නමුත් ඔහු දුටු දෙයින් ඔහුව පුදුමයෙන් ගල් ගැසී මෙන් නැවතුණි.. ඇයට දැනටමත් පහර විසිපහකටත් වඩා ලබා දී අවසන්ව තිබුණි.. ඇයගේ සිරුර පුරාම ලේ පහරවල් තිබුණු අතර එම ලී කුරුසයේ ඇය පණ නැති ලෙස එල්වී වැටී සිටියාය.. ඇයට ඔහු ඉදිරියේම තවත් පහරක් වැදුණි.. ඔහුගේ දෑස් පුදුමයෙන් ගැස්සුනු අතර එම දෑස් වල වෛරය මුසු සිහින් කදුළුබිදු මතු විය..
ඒත් ඒ මොහොතෙම තවත් පහරක්, සමගම තවත් පහරක් ඔහු සිතීමටත් පෙර එක මත එක ඇයට වැදෙන්නට විය.. ඔහුගේ දෑත් වෛරයෙන් වෙවුලූ අතර,
" නවත්වනවා.. "
වෛරය මුසු හඩින් කෑ ගසනවත් සමගම තදින් අත් මිටමෙළවීම නිසා පිටවුණු ශක්ති ධාරාවෙන් එතන සිටි සියල්ලෝම සිහිසුන්ව පොළව මතට ඇදවැටුණි..
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Fantasyමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...