• Chapter 04 - මේ මායාවක්ද ? නැත්තම් සිහිනයක් ද ?

44 3 0
                                    

( මගේ මතකෙ එනකම්, ඔහු ගැන ප්‍රවේශමෙන් ඉන්න ඕනි..)
( ඒ වගේම මම ගැන, ඔහු තව දන්නෙ මොනවද කියල හොයාගන්න ඕනි..)

( මට ඕනි දේවල් දැනගන්නකම් මෝඩයි වගේ හිටියනම් හරි..)
ඇය ආහාර ගන්නා අතර කල්පනා කරන්නට වූවාය..

.

.

.

.

.

.

ඇය ආහාර ගෙන අවසන්ව තිබුණු බැවින් නැවත සෙමින් හිස ඔසවා, ඔහු දෙස බැලුවාය.. ඔවුන් දෙදෙනාගෙ දෑස් හමුවුණු අතර ඇය මදක් ගැස්සුනත් ඔහුගේ දෑස්වල සන්සුන් මිදුණු බව එළෙසම තිබුණි.. ඒ ඔහු වෙනත් කල්පනාවක සිටි ලෙසයි..

( ඔහු.... හරිම අමුතුයි...)
( ඒත් ඇයි ඔහුගේ බැල්ම ඒ තරම් අහිංසක.. ඔහු කාමවිකෘතියෙක් නම් වෙන්න බැහැ..)
ඔහුගේ දෑස් මිදුණු, අහිංසක බවකින් යුතු විය.. ඔහු එක අතක් මේසය මත තබාගෙන ඒ අතේ පිට අත්ල මතට හිස තබාගෙන අඩවන් වූ මිදුණු දෑස් වලින් ඇය දෙසම බලාගෙන විශාල කල්පනාවක සිටියේය.. ඔහුගේ මුහුණෙහි සිනාවක් නොමැති විට හිම වලින් මිදීගිය දේව පිළිමයක් මෙන් පෙනුණි..

 ඔහුගේ මුහුණෙහි සිනාවක් නොමැති විට හිම වලින් මිදීගිය දේව පිළිමයක් මෙන් පෙනුණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයට මුලින්ම ඔහු ගැන සැකයන් දෙකක් තිබුණි.. එක්කෝ ඔහු ඇයව යම් හේතුවක් සදහා පැහැරගත් හෝ විකෘති ආශාවන් ඇති අයෙකි.. නැත්නම් ඇත්තටම ඔහු ඇයට උදව් කළ අයෙකි.. මේ වන විට ඇයගේ පළමු අදහස සම්පූර්ණයෙන්ම වගේ සිතෙන් ඉවත් වෙමින් තිබුණි..
ඇය ඔහු ගැන සැක සිතුවද කුමක් හෝ හේතුවක් නිසා ඇයට ඔහු කෙරෙහි බියක් නොදැනුණි.. ඒ ඇයට ඇයගේ සටන් හැකියාව පිළිබද වූ විශ්වාසය නිසාද, ඔහු පිළිබඳව දැනුණු විශ්වාසය නිසාද කියා ඇයටම සිතාගත නොහැකි විය.. ඇයට ඔහුව තවත් හොදින් හදුනා ගැනීමට ආශාවක් දැනුණි..

MY LOST SOUL🖤 - Entenal love on plain of Death Where stories live. Discover now