දැනටමත් ඔහුගේ තුවාල, ඇයගේ අධ්‍යාත්මික ශක්තියෙන් සම්පූර්ණයෙන්ම සුව කර තිබුණි..නමුත් ඇය තවමත් ඒ මෝහනයෙන් මිදීමට අකමැති වූවාය..
( ඔහු..ලස්සනට හිනාවෙනවා.. ඒත් ඒ කවුරු නිසාද ??)
( ඇය කවුද ??... ඒ තැනිතලාව..ඒ මගේ තැනිතලාව..)ඔහුගේ ආකර්ෂණීය, ශීතල සිනා හඬ ඇයගේ හිස තුළ දෝංකාර දෙන්නට විය..
" ඔයා මාව අල්ලගත්තොත් විතරයි.. නගරයට එක්කන් යන්නේ.. "
දීප්තිමත් සිනාවකින් ඔහු ඇය දෙස බලාගෙනම පිටුපසට ඇවිදිමින් සිටි අතර සීතල හඬින්ම පවසා නැවත හැරී දුවන්නට වූයේය..
" ඒයි..ඔහොම ඉන්නවා.."
" මම ඔයාව.. අද අල්ලගන්නවාමයි.."
ඇය ඔහු පසුපස පන්නන්නට වූ අතර මද වෙලාවකින් පසු ඔහුව අල්වාගැනීමේදී දෙදෙනාම තල්ලු වී ගොස් තණකොල ගොල්ල මතට වැටුණි.. එයින් පසු දෙදෙනාම පුදුමයෙන් මෙන් එකිනෙකාගේ මුහුණ දෙස මද වෙලාවක් බලා සිට තෘණ පදුරු මතම උඩු අතට හැරී ශබ්ධයෙන් සිනාසෙන්නට වූවෝය..
" හ..හා හා.."
" හ..හහ් හා.."
එහිදී ඔහු තද කළු පැහැ ඇදුමකින් සැරසී සිටි අතර ඔහුගේ කොණ්ඩයද තද කළු පැහැ වූයේය..නමුත් ඔහු තවත් විටෙක සුදු පැහැ කොණ්ඩය සමග සුදු පැහැදුමකින් සැරසී තැනිතලාවේ තෘණ පදුරු මත පෙරළී සිටි අතර හිස් දුක්මුසු වූ නිවුනු බැල්මෙන් අහස දෙස බලාගෙන සිටියේය.. ඔහුගේ පසෙකින් ඔහු අසළින්ම ඒ කෙල්ලද පෙරළී සැදෑ අහස දෙස බලා සිටියාය.. ඇයගේ රුව අපැහැදිලි විය..
මද වෙලාවකින් ඔහු අත් දෙක ඇයගේ උරහිස් දෙපසින් සිටින සේ තබා ඇයට ඉහළින් එසවෙමින් ඇයගේ නළල මෘදුව සිපගත්තේය.. ඔහු මද වෙලාවක් එසේ සිට ඇයගෙන් ඉවත් වී එම කෙල්ලගෙ ඇස් දෙස බැලුවේය..ඔහුගේ ඒ මිදුණු ඇස් අහිංසක හා ආදරණීය වූයේය..
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Fantasíaමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...