තවත් මාසයකට පසුව..
අතීතයේදි මෙන්ම එදින සවස් වරුවේ ද ඔවුන් දෙදෙනා දෑත් අල්වාගෙන, තැනිතලාව පුරා ඉබාගාතෙ ඇවිද යමින් සිටියෝය.. අහස පොළව එක්ව ඇති සේ අනන්තය තෙක් විහිදුණු, මරණීය හුදකලාවෙහි ගිලීගිය ඒ මිහිදුම් තැනිතලාවෙහි, මද අදුර සහ සීතල මුහු වූ මායාකාරී මඳ පවන ඔවුන්ගේ දැවටෙමින් තැනිතලාව පුරාම එහාමෙහා හමා යන්නට විය.. එම මායාකාරී වූ මඳ පවන ඔවුන්ව, ඇටකටු වලටම කිදාබසින තරම් ආත්මයම නිවාලන හුදකලාවක අතරමං කරවන්නට විය..මද වෙලාවකින් සෞම්ය තණකොළ පදුරු මත පෙරළුණු ඔවුන් දෙදෙනාම, සැදෑ අහසේ වූ සුන්දර වූත් මායාකාරී වළාකුළු රටාවන් දෙසම දෑස් යොමා සිටින්නට වූහ.. ළා රතු පැහැ මුහු වුනු ලා නිල් සුදු පැහැ අහසෙහි තැනින් තැන මිහිදුම් වැනි වළාවන් පාව යමින් තිබුණේ විවිධ වූ රටාවන් මවමිනි.. මද සිහිල් සුළං රැල්, ඔවුන්ගේ මුහුණට වැටී තිබුණු කෙටි කෙහෙරැළ් සමඟින් දඟ කරමින් ඔවුන්ගේ දැවටෙමින් නැවතත් වේගයෙන් තැනිතලාව පුරා හමා යන්නට විය.. ඒ පිවිතුරු ශක්තියෙන් පිරි, මද සිහිලැල් සුළඟ ඔවුන්ගේ හදවත්වල විඩාවන් සහ වේදනාවන් නිවාලන්නට විය.. ඒ නිසාම සැදෑ අහස යට ඒ හුදකලා තැනිතලාව මධ්යයෙහි වැතිරී, එම පිවිතුරු සුළං රැළ් අතර අතරමං වීමට ඔවුන් දෙදෙනා ඇබ්බැහි වූ ලෙසින් ආශ කළෝය..
බොහෝ දිනක සිටම, ඔහුගේ හදවතෙහි විශාල ප්රශ්නයක් හිරවී වද දෙමින් තිබුණි...
( ඇය එන්න එන්නම දුර්වල වෙනවා..)( ඒ....මම නිසාද?)
.
.
( ඇයි..ඇය විශාල දුකකින්, පාළුවකින් වගේ පෙනෙන්නේ?..)
.
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Фэнтезиමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...