Xiao තවමත් පුස්තකාලය තුළ විවිධ පුස්තක වට කරගෙන කියවමින් හා අධ්‍යනය කරමින් සිටියේය..
( මම ඇයව..තනිව දමා ඇවිත් දින තුනකුත් ගත වෙලා..)
ඔහුගේ සන්සුන් දෑස් දුක්මුසු බවට හැරුණි..( අපි...මේ තරම් ඈත්ව සිටි පළවෙනි අවස්ථාව මේකද..)
ඔහුගේ මුහුණේ දුක්මුසු මද සිනාවක් ඇදුණු අතර ඇය ගැනම සිතමින් කල්පනාවේ අතරමංව සිටියේය.
" ඇයි මට දැන් දැනෙන්නේ....ඇය මගෙ ළඟින් නොමැතිව ජීවත් වීම...හරිම හිස්, කම්මැළි දෙයක් වගේ??"" හ්හ්හ්.. "
ඔහු අහිංසක ලෙස කටකොණින් සිනාසුනේ තමන් ගැනම උපහාසයෙන් මෙන් ය..
..
( මම..ආපසු එනකම්, ඇයට නගරෙට යෑම තහනම් කළා..)
( ඒත් ඇය..මුරණ්ඩු වැඩියි.. හේතුවක් නැතිවම අද...මට බයක් දැනෙනවා..)( නැහැ.... දැන් අවුරුදු හතරක්ම ගතවෙලා.. තව දුරටත් ඇයව හදුනන කිසිවෙකු ජීවත් වෙන්නෙ නැතිව ඇති..)
( ඔව්න් හැමෝම වගේ මිය ගිහින්... ඇය ආදරය කරපු...ඇය වටා හිටපු හැමෝම...)
ඔහු දුක්මුසු මිදුණු දෑස් වලින් පොත දෙස බලාගෙනම කල්පනා කරමින් සිටියේය..( මම ඇයට කීවේ...ඊයේ හවස ආපසු එනවා කියලා..)
( ඒත් මේ පොත.....ඒක අමුතුයි.. මෙය අදුරු මායාව වුනත්..මම හොයපු ගොඩක් දේවල් මෙහි තියෙනවා..)එම පොත තිබුණේ හතරවන මට්ටමේ ආත්ම වලට පමණක් ඇතුලුවිය හැකි කොටසෙහිය.. හතරවන මට්ටම යනු දේවත්වයට පහළ මට්ටම විය.. නමුත් එම පොත "තහනම් මායාව" නම් කොටසට අයත් විය..
( ඇත්තටම ඇයි....මම මේ පොත කියවන්නෙ? මටම තේරෙන් නෑ..)
( මේ පොත් තිබෙන්නෙ යක්ෂ ආත්ම පිළිබද අධ්‍යනයට විතරයි.. ඒත් ඇයි මම ඒ පොතෙන් මගේ ප්‍රශ්න වලට විසදුම් හොයන්නෙ??)
" හාහ්හ්.."
ඔහු ඇගිලි දෙකකින් ඔහුගේ නළල පිරිමැද්දේ ඔහුට ඔහුවම තේරුම් ගත නොහැකි ලෙසයි..
( මම දන්නවා මේ දේ වැරදියි..)
.
.
" ආයෙත් මේ දේ වෙන් නෑ... මේ අවසාන වතාව..."
ඔහු ඔහුටම සෙමින් පවසාගත්තේ ය..( මම මෙහි අවසානෙටම ඇවිත් නිසා..මේ ටිකත් ඉවර කරලම යනවා.. හෙට උදෙන්ම යනවා..)
ඔහු බලමින් සිටි පිටුවෙන් අනිත් පිටුව පෙරළූ අතර මද වෙලාව්ක් එදෙස මිදුණු ශාන්ත බැල්මෙන්ම බලා සිටියේය..
" හාහ්හ්.."
( ඇය මම ළඟින් නැතිවාම...හරිම හිස් හැගීමක් දැනෙන්නේ..)
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Fantasyමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...