ඔහු පොතක් කියවමින් සිටි අතර, ඇය මල් ටිකක් අතේ තබාගෙන නිවස ඇතුලට ආවාය..
ඇය ඔහුගේ පිටුපසින් වැළදගනිමින් ඔහුට බර වූවාය..
" Xiao, මේ මල් ලස්සනයි නේද?? ම්ම්?"" ම්ම්.... ලස්සනයි.. "
ඔහු ඒවා දෙස බලා මදක් සිනාසී, ඇය දෙස බැලුවේය..
ඇයද අහිංසක ලෙස සිනාසී, ඔහුව තදින් වැළදගනිමින්, මුහුණ ඔහුගේ ගෙලෙහි සගවාගත් අතර ඇස් පියාගෙන මද වෙලාවක් සිටියේය..
ඔහුද එක් අතක් ඔසවමින් ඇයගේ හිස මෘදුව අල්ලන අතරේ නිවුනු බැල්මෙන් එක දිගට මේසය දෙස බලා සිටියේය..
" Xia Feng, ඔයාට මොනාහරි ඕනිනම් කියන්න.. ඔයාට කම්මැලීද? "
ඔහු ආදරයෙන් ඇසුවේය.." නැහැ.. "
" මොකුත් ඕනි නෑ.. මට ඔයාව බදාගෙන ටික වෙලාවක් ඉන්න දෙන්න.. "ඔහු එයින් මදක් පුදුම වූ අතර මොහොතකට නිහඩ වූයේය..
" හ්හ්.. ඔයා කැමති වෙලාවක් ඉන්න.."
" Xia feng, ඔයා...කැමති ඕනිම දෙයක් මට කරන්න..හරිද? "
ඔහු ඇයට ආදරයෙන් කතා කළේ පොඩි ළමයෙකුට කතා කරන ලෙසයි" ම්ම්ම්... "
( Xiao...... මම ඔයාට ආදරෙයි.. මාව පාලනය කරගන්න බැරිවෙන තරමට මම ආදරෙයි..)
( ඔයා මටම විතරයි අයිති කියල දැන දැනත්, මම තවමත් පිස්සුවෙන් වගේ ඔයාට ලෝභයි.. මම තව තවත් ඔයාට ආශ කරනවා.. මට තේරෙන් නෑ.. එන්න එන්නම මම ඔයාට තව තවත් ඇබ්බැහි වෙනවා..)..................
මද වෙලාවකට පසු ඇය නැගිට ගොස් ඇඳ අසල වූ උස් මේසය මත තිබූ මල් පෝච්චියට එකිනෙක මල බැගින් දමන්නට විය..
" Xiao.."
"Mm"
" ඔයා මාව හැම ආත්මෙකදීම හොයාගන්නවා කීවා නේද.."
" Mmn.. "
" ඒත් මම....කොහොමද ඔයාව අදුරගන්නෙ?? "
"........."
ඔහු නිහඬව මද වෙලාවක් කල්පනා කළේය..
" මම... ඔයා ළගින් ඉද්දි,,,, ඔයාගෙ වේදනාවන් නිවේවි... ඔයාට සතුටක් දැනේවි... මාව අදුනගත්තෙ නැතිවුනත්, මාව මේ එවගේ ඔයාට දැනේවි.. "
ඔහු නොපෙනෙන සුළං රැල්ලක් බවට පත් වී ඇය වටා මෘදුව දැවටුනේය..ඒ සුළං රැල්ල වැස්ස වැටීමට ළං වූ මොහොතක හමන සියුම්, සීතල මුසු, මෘදු සුළං රැල්ලක් මෙන් දැනුණි.. ඒත් ඊට වඩා ඇයගේ ආත්මයම නිවාලන, සුවපහසු හැගීමක් ඇයට දැනුණි.. ඇය සෙමින් ඇස් පියාගත්තේ, ඔහුව හොදින්ම විදීමට අවශ්‍ය නිසයි...
ඇත්තටම ඇයට ඒ සුළං රැල්ල නිසා, මුළු ආත්මයේම වේදනාවන් නිවාලන තරම් සුවපහසු හැගීමක් දැනුණි.. ඇයට සතුට, නිදහස, ආදරය, ආරක්ෂාව, විශ්වාසය එකවර දැනෙන්නට විය..
" හ්හ්..Xiao ඔයා හරිම සිසිල්.. සනීපයි.."
ඇය ඇස් පියාගෙනම සිනාසී කීවාය..ඔහු ඇයගේ මුහුණට වැටුණු කෙහෙරැල් සමග සෙල්ලම් කරමින් ඇයගේ මුහුණේ දැවටෙන්නට විය..
ඇය ඇස් හැරියාය..
නමුත් ඇයගේ ඇස් දුක්මුසු බවක් ගන්නට විය.." Xiao.. දග නොකර එන්න හරි ස්වරූපයට.. "
ඇය එය දුක්මුසු ලෙස කියන බව තේරුණ ඔහු හරි ස්වරූපයෙන් මතු වූයේය..ඇය ඔහු දෙස බලාගෙනම අහිංසක ලෙස ආදරයෙන් මදක් සිනාවූවාය.. නමුත් ඇයගේ දෑස්වල කදුළු දිලිසුම් දෙන්නට විය..
ඔහු කිසිවක් නොතේරුන ලෙස ඇය දෙසම, මිදුණු දුක්මුසු දෑසින් බලා සිටියාය..
ඇය ඔහු ළගටම ඇවිත් සෙමින් ඔහුගේ මුහුණ මතින් අත්ල තැබුවාය.. ඉන් පසු ඔහුගේ මුහුණ මෘදුව ආදරයෙන් අල්ලන්නට විය.. ඔහු ආදරය මුසු හදවත අතරමං කරන දෑස් වලින් ඇය දෙසම බලා සිටියේ, ඔහු යම් වරදක් කළාදැයි නොතේරෙන ලෙසයි..
ඇයගේ බැල්ම නිසා ඔහුගේ දෑස්ද මදක් දුක්මුසු බවකට හැරී තිබුණි.." Xiao.. ඔයා මගේ.... හැම ආත්මෙම...තේරුනාද? "
ඔහු මද වෙලාවක් ඇය දෙසම බලා සිටියේය..
" ම්ම්න්.. "ඔහු ආදරය මුසු මිදුණු දෑස් වලින් සහ සියුම් හිස හෙළවීමකින් පිලිගත්තේය..
ඇය තෘප්තිමත් ලෙස මදක් සිනාවී, ඔහු ළගට ළං වෙමින් ඔහුව තදින් වැළදගත්තාය..
තවත් තදින්, තවත් තදින් ඇය ඔහුව තදින් අල්වාගන්නට වූයේ ඔහුව එකවරම අතුරුදන් වේවියැයි බියෙන් මෙනි..
ඔහුද ඇයව අත් දෙකෙන්ම අල්වාගෙන තදින් තුරුළු ගෙන ඇයගේ හිස සිපගත්තේය..( Xia feng.... ආයෙත් මම කවදාවත්, ඔයාට මගෙන් ඈතට යන්න දෙන් නෑ.. )
..
.
.
.
.
.
.
.
.
YOU ARE READING
MY LOST SOUL🖤 - Entenal love on plain of Death
Fantasyමගේ අහිමි ආත්මය🖤 - මරණයේ තැනිතලාවෙ සැගවී ගිය, සදාකාලික සෙනෙහසක පුරාවෘතය.. මරණයේ තැනිතලාව නම් වූ, ඉමක් කොණක් නොපෙනෙන,, හුදකලාවේ ගිලී ගිය තැනිතලාවක, අවුරුදු දහස් ගණනක තනි වූ අමරණීය ආත්මයක් හා ආදරයෙන් බැදුනු,, මිය ගිය නමුත් ජීවත් වන, යුධ ජෙනරාල් වරියක...