අහිමි මතක 1

1K 71 2
                                    


ෂැංහයි නුවර ඉතාම සුඛෝපභෝගී මහල් නිවාසයක ඇතුළත දර්ශනයක්, වෙලාව උදෑසන 6. 45

"අර මනුස්සයා තාම නැගිට්ටෙ නැද්ද, අදත් පරක්කු වෙලා තමයි ඉස්කෝලෙට යන්න වෙන්නෙ"

මිස්ටර් ෂියාඕ කියවමින් සිටි පුවත් පත ඈත‍් කර බිරිඳට පැවැසුවේ අත් ඔරලෝසුව දෙස බලමින්.

"ඉන්න මන් බලලා එන්නම්"

මිසිස් ෂියාඕ කරමින් සිටින වැඩෙත් නවත්තලා ගියේ තමන්ගේ එකම පුතුගෙ කාමරය වෙත..

දොරත‍් ඇරගෙන පුතාගෙ කාමරයට ගිය ඇයට සිනහ පහළ උනේ ඔහු නිදා ඉන්න ආකාරය දැකල.

"චාන්, ළමයෝ කෝ නැගිටින්න හොඳටම පරක්කු වෙලා ඔයා අද ස්කූල් යන්නෙ නැද්ද"

බිම වැටී තිබූ කොට්ටය සහ පෙරවනය ඇඳට දමමින් ඇය යළිත් පුතු දෙස බලා සිනාසී ජනෙල් තිර රෙදි මෑත‍් කලාය..

හදිසියේ මූණට වැටුණ එළිය නිසා ඇදෙන් පිට බිමට යොමා සිටි මුහුණත් ඇද විට්ටමේ තිබු දෙපාත් නැවත ඇඳ වෙතට ගෙන ඇඳේ ඉඳ ගත්තේ හුරුබුහුටි තරුණයෙකි. තවමත් වසා සිටින දිග ඇසි පිය, නෝක්කාඩු මුහුණින් තොල පිට පෙරලන් සිටින කඩවසම්, දඟකාර තරුණයා, ඔහු තමයි ෂියාඕ චාන්.

"බබා අදත් තාත්තව කේන්ති ගස්සන්නෙ නැතුව ඉක්මනින් ලෑස්ති වෙන්න, තාත්තට කම්පැනි එකේ වැඩ ගොඩක් තියෙනවා අද "

චාන් ගේ ඔලුව අතගා එසේ පැවැසූ ඇය පිටව ගිය පසු ඔහු ඇදෙන් බැස ඉක්මනින් ලෑස්ති වෙන්නට වූයේ තම පියාට ඇති ඉමහත් බිය නිසාය.

තම පියාගේ මෝටර් රථයෙන් පාසල වෙත ආ ඔහු පංති කාමරයට නොගොස් ආපන ශාලාවට ගියේ පියාගේ කෑ ගැසීම් නිසා ආහාරය නොගෙනම මෝටර් රථය වෙත දුව ආ නිසාය.

" අන්න බලන්න කවුද එන්නෙ කියල කෝටිපති ව්‍යාපාරිකයාගේ එකම පුතු"

චාන් එනු දුටු ඔහුගේ මිතුරන් සතුටින් කෑ ගසන්නට විය. පිරිමි පාසලක් වූ එහි චාන් ජනප්‍රිය සිසුවෙකු වූයේ ඔහුගේ කඩවසම් බව හා සියලු දෙනා සමඟ මිතුරු වීමට ඔහුට තිබු හැකියාව නිසාය, නිතරම කරනා දඟ වැඩත්, ධනවත් බවත් මේ ජනප්‍රියත්වය තවත් වැඩි කළේය.

අහිමි මතක (YIZHAN) Complete)✅ Where stories live. Discover now