පසුවදා පාසලට ගිය චාන් ට අසන්නට ලැබුණේ තවත් පුදුම දෙයකි, ඒ ඔහුගේ මිතුරන් අතරින් ඔහුට වඩාත්ම ළඟ මිතුරා වූ ජී ලී ඔහු දුටුවා යැයි පැවසූ සිහිනයයි.
"මොකක් 😮 ඔයා ඒ වගේ හීනයක් දැක්කා"
"ඔව් චාන් මන් හිතන්නේ එදා ට්‍රිප් එක ගිය වෙලේ අහපු, දැකපු දේවල් නිසා වෙන්න ඇති නේද"
"හරියටම කියන්න ඔයා දැක්කෙ මොකක්ද"
"එදා අපි අර ගිය දිය ඇල්ල මතකයි නේද, එතැන ගල් තලාව උඩ දෙන්නෙක් වැතිරිලා හිටියා. සිහිය නැති වෙලාද මැරිලද දන්නෙත් නෑ හැබැයි, තව පිරිමි ලමයෙක් එයාල ළඟ බිම ඉඳගෙන එයාල දිහා බලාගෙන හිටියා, එතකොට හරි බය හිතෙන මූණු තියෙන මිනිස්සු වගයක් ගල් තලාවේ තැනින් තැන මැරිලා වැටිල හිටිය "
" ඉතින් ඔයා ඒ මූණු දැක්කද "
චාන් ඇසුවේ ජී ලී පවසන්නේ කවුරුන් ගැන දැයි හොඳටම වැටහුණු නිසාය, ඔහු යාන් කුමරුගේ මූණ දැකල නම් ඔහු අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේද යන්න ඔහුට බියක් ඇති විය.
" දෙන්නෙක්ගේ මූණු හොඳට මතකයි, ඒත් මට හොඳටම විශ්වාසයි මීට කලින් මම ඒ මූණු දැකල නෑ, එතකොට අනිත් කෙනාගේ මූණේ වෙස් මූණක් තිබුණා, ඒ නිසා ඒ මූණ දැක්කෙ නෑ එයා හරියට අර මාලිගාවේ චිත්‍ර වල හිටිය කුමාරයා වගේ, ඒ ඇදුම් උනත් චිත්‍රයේ තිබුණා වගේ"
"එහෙමද එහෙනම් ඒ චිත්‍ර දැක්ක නිසා ඒ වගේ හීනයක් පේන්න ඇති "
චාන් පැවසුවේ අමාරුවෙන් හිනාවක් නගා ගනිමින්, බෝ ට නින්ග් හට මේ දේ පවසන තුරු පරිස්සම් වීමට ඔහු සිතා ගත්තා.
" හ්ම්, ඒ නිසා වෙන්නැති නේද. ඒක නෙමෙයි චාන් ඇයි ඔය කම්මුල රතු වෙලා "
ජී ලී ඇසූ විට නොදැනුවත්වම චාන් ගේ අත ගියේ කම්මුල වෙතය.
" ඊයේ තාත්තා ගැහුවා "
මෙතරම් දවසක් හංගගෙන සිටි දේවල් නොදැනුවත්වම චාන් ගේ කටින් පිට වූයේ සිතේ ඇති පීඩනය මිතුරා ඉදිරියේ පවසා සිත සැහැල්ලු කර ගැනීමට සිතුණු නිසාය.
" ඔයාගෙ තාත්තා ඒ වගේ කියලා අපි දැනගෙන හිටියේ නෑනෙ චාන්"
ජී ලී එසේ පැවැසුවේ මිතුරා කෙරේ ඇති වූ දැඩි අනුකම්පාව නිසාමයි.