අහිමි මතක 9

244 44 1
                                    


ගල් බිත්තිය තුළින් එක් වරම මතු වූ දොරෙන් තිදෙනාම පිවිසියේ මඳක් විශාල ගල් ගුහාවක් වෙතය. ගුහාවේ ඔවුන්ට ඉදිරියෙන් රන් පැහැ ආලෝකයක් දිස් විය. නින්ගේ පසු පසින් ඒ දෙසට ගිය අනෙක් දෙදෙනා දුටුවේ රන් පැහැ ආලෝක රටාවකට මැදි වූ යම් වස්තුන් දෙකකි , එයට උඩින් නිල් පැහැති ආලෝකයක් විහිදමින් ගෝලාකාර යමක් පාවෙමින් තිබුණි, නමුත් එය කුමක් දැයි වටහා ගත නොහැකි වූයේ නිශ්චිත හැඩයක් නොතිබූ බැවිනි. මේ අතර ටික ටික ලං වෙත්ම රන් පැහැ ආලෝකය මැද තිබූ දේ හොඳින්ම දැක ගැනීමට චාන් ට සහ බෝ ට හැකි විය. එය දුටු ඔවුන් දෙදෙනා දැඩි බියට සේම විමතියට පත් විය.

එහි තිබුණේ ජීවමාන ලෙස නින්දේ සිටිනවා වැනි සිරුරු දෙකකි, ඒ මුහුණු දෙක චාන් ගේ සහ බෝ ගේ ය. නැත එහි තිබුණේ යාන් කුමරුගේ සහ වැන්ජි ගේ සිරුරුය.

තමන් ජීවත්ව සිටියදී තමන්වම මේ ලෙස දැකීමට සිදු වීම නිසා තරුණයින් දෙදෙනාට දැඩි කම්පනයක් ඇති විය. දෙදෙනාගේ දෑත් තදින් අල්ලා ගත් ඔවුන් බලා සිටියේ එම සිරුරු දෙසය. කතා කිරීමට වචන පවා ඔවුන්ට අමතක වූ හැඩය.

චාන් බලා සිටියේ යාන් කුමරුගේ මුහුණ දෙසය, පලමු වරට වෙස් මුහුණ නොමැති ඒ මුහුණ ඔහු දුටුවේය. එසේම ඔහුගේ මුහුණේ වූ සුවිශේෂී සලකුණ ද දුටුවේය. ඔහුගේ සිරුර අසලම බට නලාව සහ වෙස් මුහුණ විය.

බෝ බලා සිටියේ වැන්ජිගේ සිරුර දෙසය. තමන් නිදා සිටියදී තමන්ම තමා දෙස බලා සිටිනවා වැනි හැඟීමක් ඔවුන් දෙදෙනාටම ඇති විය. වැන්ජිගේ සිරුර පසෙකින් ලා නිල් පාට කොපුවකින් ආවරණය වූ කඩුවක් විය.

කාළය කෙමෙන් ගෙවී යද්දී පලමුව මුව විවර කරේ චාන් ය.

"නින්ග් මොකක්ද මේ තැන, එතකොට මේ සිරුරු අපිට මුකුත් හිතා ගන්න බැහැ"

"මන් දන්නවා ඔබ දෙදෙනාම පුදුම වෙන්න ඇති, ඒත් අපි නොහිතන දේවල් ගොඩක් තියෙනවා, මේ තියෙන්නේ ආත්මයක් නොමැති යාන් කුමරුගේ සහ ලාන් වැන්ජිගේ සිරුරු. ඔවුන්ගේ ආත්ම දැන් තියෙන්නේ ඔබ දෙදෙනා ළඟ"

"එහෙම දෙයක් කොහොමද වෙන්නේ, මේ සිරුරු මෙච්චර කල් කිසිම හානියක් නොවී තිබුණේ කොහොමද"

අහිමි මතක (YIZHAN) Complete)✅ Where stories live. Discover now