යී බෝ සහ චාන් සිටියේ බෝ නිතරම යන එන ගොඩනැගිල්ල තුළය, දෙදෙනාම සිටියේ ප්‍රශ්න රාශියක් සිතේ තබාගෙනය. කෙසේ කතාව අරඹන්නේ දැයි දෙදෙනාටම සිතා ගත නොහැක. ඔවුන්ගේ මේ කල්පනා ලෝකය බිඳුනේ ඔවුන් අසලට ආ අමුත්තා නිසාය."වෙන් නින්ග්"
"වෙන් නින්ග්"
චාන් ගේ සහ බෝ ගේ මුවින් ඒ නම පිට වූයේ එක් වරමය. ඒ නිසාම ඔවුන් දෙදෙනාම පුදුමයෙන් ඔවුන්ගේ මූණු දෙස බලා සිටියාය.
"ඔබටත් ඔහුව හමු උනාද "
"ඔව්, ඔහු ඔබවත් හොයාගෙන ආවද"
"ඔව් පලමු වරට ඔහු මගේ ඉදිරියට ආවේ මීට අවුරුදු අටකට කලින්"
බෝ එසේ කියමින් නින්ග් දෙස බැලුවාය.
"එහෙනම් හීන වල වගේම අපි තුන් දෙනා ආයෙත් හමු උනා"
එසේ කී චාන් ද ඔවුන් දෙදෙනාගේම මුහුණු දෙස බලා යළිත් හිඳ ගත්තේ අනතුරට ලක් වූ කකුල මඳක් රිදුම් දෙන්නට වූ නිසාය.
චාන් සිහින ගැන පැවසූ විට බෝ පුදුමයෙන් ඔහු දෙස බැලුවේ ඔහුද සිහිනයක් දැක තිබූ නිසාය.
"වුක්ෂියාන් කුමරුනි "
" ජ්‍යෙෂ්ඨ ලාන් වැන්ජි "
ඔවුන් දෙදෙනා අසළට පැමිණි නින්ග් පලමුව ඔවුන්ගේ නම් පවසමින් ආචාර කර සිටියාය.
"නින්ග් ඇයි ඔබ ඒ නම් වලින් අපව අමතන්නේ"
"සමාවෙන්න කුමරුනි, ඔබ දෙදෙනා මට තවමත් එදා මා අසල සිටි මිතුරන් දෙදෙනාමයි, වෙනස් විදියකට ඔබලාව ඇමතීමට මට නොහැකී"
"ඇත්තටම ඔබ කව්ද, එතකොට අපි කව්ද, මන් හැමදාම දකින සිහින වල තේරුම මොකක්ද"
චාන් ඇසුවේ තමන්ට තිබූ ප්‍රධානම ප්‍රශ්නයයි, ඒ ප්‍රශ්නයට උත්තර දැන ගැනීමට යී බෝ හටද අවශ්‍ය විය. ඔවුන් දෙදෙනාම බලා සිටියේ නින්ග් දෙසය..
" මන් හැමදේම ඔබ දෙදෙනාට පවසන්නම්, ඒත් දැන් එයට කාළය නොවේ, ඔබ දෙදෙනාට හෙට උදේට මෙතැනදිම මාව මුණ ගැසෙන්න පුළුවන් ද"
නින්ග් පැවසූ පසු යීබෝ හිස වැනුවේ ඔහුට පුළුවන් යැයි පැවසීමටය. නමුත් චාන් කල්පනා කරේ ඔහු පැමිණෙන්නේ කෙසේද යැයි සිතමිනි. ඒ හෙට පාසල් නිවාඩු දිනයක් බැවින් නිවසින් එළියට පැමිණෙන්නේ කෙසේද යැයි සිතමිනි, නමුත් කෙසේ හෝ පැමිණෙන්නට සිතූ ඔහුද හෙට එන බවට පොරොන්දු විය.