අහිමි මතක 4

308 49 2
                                    

වෙනදාට කලියෙන් අද පාසලට පැමිණි නිසා පාසල පටන් ගැනීමට පැය භාගයක් පමණ වෙලාව තිබුණි. එක් වරක් පාසල දෙස බලා නැවත පියාගේ රථය ගිය මඟ දෙස බැලූ චාන් දඟ සිනාව මුවග රඳවාගෙනම ඔහු ආ මාර්ගය දෙසටම දුවන්න ගත්තේ මගදි හමුවන මිතුරන් අසන ප්‍රශ්න වලට සිනාවකින් පමණක් පිළිතුරු දෙමිනි..

ඊයේ දුටු රූපය, ඇසූ කටහඬ යළි දකින තුරු, අසන තුරු චාන් සිටියේ නොඉවසිල්ලෙනි. අදත් ඊයේ සිටි තැනදිම ඒ රූපය නෙත ගැටේවා යැයි ප්‍රාර්ථනා කරමින් දිව ගිය ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු වී තිබුණාය.අදත් ඊයේ ලෙසම නෙතු බිමට යොමා දැහැනකට සම වැදී ගීතය ගායනා කරමින් සිටි යීබෝ ගීතය අවසන් කර හිස ඔසවා බැලුවේ තමන් ඉදිරියේ ඇති සපත්තු දෙකේ අයිතිකාරයා කවුරුන්ද යැයි බැලීමටය.

"හායි 👋ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි, ඔයා හැමදාම මෙතන සින්දු කියනවද 😊"

සුපුරුදු දඟකාරයා නැවත පැමිණ සිටියාය.

"ඔහ් ෂියාඕ චාන් දැන් පාරෙ රස්තියාදු ගහන්නත‍් පටන් ගත්තද"

සිනාවක් වත් නැති හැඟිම් විරහිත මුහුණින් චාන් දෙස බලා යීබෝ ඇසූ දෙයින් චාන් ගේ මුහුණේ තිබු සිනාව අතුරුදන් විය.

" ඔයා කොහොමද මගේ නම දන්නේ?"

පුදුමයෙන් යුතුව චාන් ඇසුවේ හමුවූ පලමු මොහොතේම ඔහු තමාගේ නම පැවසූ නිසාය.

"ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයාගේ එකම පුතා ගැන නොදන්නේ කවුද "

චාන් ගේ කණට කර මිමිණූ ඔහු යළිත් පසුපසට වී පුදුමයෙන් මහත් වූ චාන් ගේ දෑස් දෙස බලා සිටියේ කට කොණට නැඟුණු සිනාවක් ද සමඟිනි. ඒ සිනාවේ ගැබ් වී තිබුණේ, වෛරයක් ද, සමච්චලයක් ද යන්න දැනන් හිටියේ යීබෝ ම පමණි.චාන් සිටියේ දෑස් ලොකු කර ගත් ගල් පිළිමයක් සේය. පලමු හමුවීමෙන්ම තමන්ගේ නම කියූ පුදුමය පමනක් නොව තමන්ට යී බෝ අර තරම් ලන් වූ නිසාම තමන්ට ද නොතේරෙන හැඟීමකින් ඔහු වෙලී සිටියාය. එක් වරක් චාන් දෙස බැලූ බෝ පිටත්ව ගියේ සැලසුම් රාශියක් සිතේ රඳවාගෙනය. මේ අතර ඈතට වී ඔවුන් දෙදෙනා දෙස බලා සිටි තවත් දෑසක් විය. ඒ චාන් හට දිය ඇල්ල අසලදී හමු වූ තරූණයාය.

අහිමි මතක (YIZHAN) Complete)✅ Where stories live. Discover now