යීබෝ හට සිතන්නට වත් කාළයක් නොදී වෙන් නින්ග් ඔහුත් සමඟ ප්‍රපාතයට පැන්නාය. ඒත් සමඟම බිය වූ යී බෝ නින්ග් දෙස බැලූ විට ඔහු දුටුවේ නින්ග් වෙනුවට වෙනත් තරුණයෙකි. කළු පැහැති ඇඳුමක් ඇඳ වෙස් මුහුණකින් මූණ වසා සිටි ඔහුගේ දෑස් එල්ල වී තිබුණේ තමන් වෙත බව යීබෝ දුටුවාය. එය මායාවක් ද සත්‍යයක් ද යන්න ඔහුට සිතා ගත නොහැකි විය. ප්‍රපාතයට පහලින් තිබුණේ විශාල කළු ගල් සහිත ගැඹුරු දිය වලකි. එහි ගැටෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී තමන් අවකාශයේ පාවෙන බවක් බෝ ට දැනුණි. ඔහු යළිත් බැලුවේ තමන්ගේ අතින් අල්ලන් සිටිනා පුද්ගලයා දෙසය, පුදුමයකි අර තරුණයා අතුරුදන් වී යළිත් ඔහු අසල සිටියේ වෙන් නින්ග් ය. සිදුවූ කිසිම දෙයක් නොතේරුණත‍් යී බෝ හට එක් දෙයක් පැහැදිලි විය. ඒ තමන් බිමට නොවැටී මෙලෙස සිටින්නේ වෙන් නින්ග් නිසා බවය, සිදු වෙන සියලු දේවල් වලින් කම්පනයට පත් ව සිටින ඔහු එක් වරම සිහි සුන් වූයේ හිස ඇතුළේ දෝංකාර දුන් හඬකුත‍් සමඟය."ලාන් වැන්ජී, වැන්ජී, වැන්ජී"
යළිත් පියවි සිහියට එන විට ඔහු සිටියේ ඔහුගේ නිවසේ, ඔහුගේ කාමරයේ ඇඳ මතය. කොහොම කෙසේ ආවා දැයි සිතා ගත නොහැකි ඔහු දෑතින්ම හිස බදා ගත්තේ දැනුණු දැඩි වේදනාව නිසාය.
රිය අනතුර සිදු වී දවස් දෙකක් ගතවී ඇත. නමුත් චාන් ට තවමත් සිහිය ලැබී තිබුණේ නැත. අනතුර සිදු කළ පුද්ගලයා තවමත් අසු නොවීම නිසා මිස්ටර් ෂියාඕ පසුවූයේ දැඩි කෝපයෙනි.
යී බෝ සිටියේ චාන් ට තමන් සිදු කළ අනතුර පිළිබඳව පසු තැවිලි වෙමිනි. ඒ ඇයි දැයි යන්න ඔහුට ද තේරුම් ගැනීමට නොහැකි විය. ඒ සිතුවිල්ලෙන්ම ඔහු නින්දට වැටුණාය.
ගල් තලාවක් මත වැතිරී වස් දඬුවක් වයන තරුණයෙකි, ඔහු අසලම සිටි තවත් තරුණයෙක් සම වැදී ඒ වාදනය අසා සිටී. මොහාතකින් ඒ මිහිරි වාදනය නැවතුනේ එතැනට පැමිණි තවත් තරුණයෙක් නිසාය. බට නලාව වාදනය කළ තරුණයා ඔහු සිටි ඉරියව්ව වෙනස් නොකරම පැමිණි තරුණයා දෙස හිස හරවා බැලුවාය. නමුත් ඔහු අසල සිටි අනෙක් තරුණයා නැගිට ඔහුට ආචාර කළාය.