චාන් එදා රාත්‍රියේ නින්දට ගියේ හැමදාම හීනෙන් දකින දර්ශනයන් බලාපොරොත්තුවෙන්, මොකද ඒ තරුණයින් තිදෙනාගේ මිතුරුකම දකින්න ඔහු කැමැත්තෙන් සිටි නිසා එය ඔහුගේ සිතට අමුතු සතුටක් ගෙන ආවා. ඒත් අද එහෙම උනේ නෑ මොකද අද ඔහුගේ සිහින වලට ආවේ ෆෙන්ග්මියන් රජතුමා. චිත්රයකින් පමණක් දුටු මූණක් ඇත්තම මනුස්සයෙක් විදියට පේන්නේ කොහොමද ඒ වගේම ඒ කියපු දේවල් තමන්ට කිව්වා වගේ දැනෙන්නේ ඇයි?. නින්දෙන් ඇහැරුණු චාන් ඇඳේ ඉඳගෙන කල්පනා කරන්න ගත්තා, ඒත් ඔහුට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා, මේ සියලු දේවල් වල ප්‍රතිඵලය උනේ චාන් උදේ ලෑස්ති වෙලා පහලට එන්න පරක්කු උන එක.."හැමදාම කියන දේ අහන්න බැරිද මේ මනුස්සයට, එහෙන් අර කම්පැනි එකේ ප්‍රශ්නෙ ඒ මිනිහත් මැරුණේ ඒකට හේතුව විදිහට මාවයි කම්පැනි එකයි නම් කරලා ලියුමක් ලියලා, දැන් කීයේ ඉඳන්ද මන් ලෑස්ති වෙලා බලාගෙන ඉන්නේ"
අත් ඔරලෝසුව දෙස බලමින් තම බිරිඳට මේ කෑ ගසන්නේ චාන් ගේ තාත්තා මිස්ටර් ෂියාඕ, ඒ චාන් පරක්කු උන නිසා, වාහන කීපයක් තිබුණත් ඔහු කවදාවත් චාන් ව වෙනම වාහනයක යැව්වේ නැහැ ඔහුට ඕන උනේ ඔහුත් එක්කම යන්න. මිස්ටර් ෂියාඕ ඇත්තටම දරදඬු තාත්තා කෙනෙක්, ඔහුට තම පවුලට වඩා වැදගත් උනේ මුදල්, ව්‍යාපාර කටයුතු. චාන් ව දැඩි නීති යටතේ පාලනය කරෙත් ඔහුගේ ව්‍යාපාර වල අනාගතය ගැන හිතලා. පරක්කු වෙලා දුවගෙන පහළට ආව චාන් ට අදත් බඩ පිරෙන්න කෑම නම් නැතත් කණ පිරෙන්න බැණුම් නම් ලැබුණා..
චාන් ගෙ තාත්තාගෙ කම්පැනි එකේ සේවකයෙක් සියදිවි නසාගෙන තිබුණා, මාසයකට පමණ පෙර, ඒ කම්පැනි එකෙන් ඔහුට සිදු වූ අසාධාරණයක් නිසා මිය යන්න කලින් ඔහු ලිව්ව ලියුම නිසා පස් වැනි වතාවටත් අද මිස්ටර් ෂියාඕ ව ප්‍රශ්න කිරීමකට ලක් කරන්න පොලිස් නිලධාරීන් කම්පැනි එකට එනවා කියලා උදේම ආව පණිවිඩය නිසා තමයි මිස්ටර් ෂියාඕ කලබලයෙන් හිටියේ, ඒ නිසාම තමයි ඔහු අද කවදාවත් නැතුව චාන් ව මඟින් දාලා ගියේ.
පාසලට පයින් යන තරම් දුරක් තිබු නිසා චාන් පුරුදු කල්පනාවෙන් බිම බලන් ඇවිද යන්න උනා, හැමෝම වැඩ පටන් ගන්න වෙලාව නිසා මඟ දිගට තිබුණේ කලබලයක්, ඒ මිනිසුන් අතරට මුහු උන චාන් ට හරිම ලස්සන සංගීත නාදයක් සමඟ මුසු උන ලයාන්විත කටහඩකින් ගයන ගීතයක් ඇසෙන්නට උනා. චාන් ගෙ කල්පනා ලෝකය දිය කරලා දාන්න ඒ කට හඩට පුළුවන් උනා. ඒ කටහඬේ අයිතිකාරයාව හොයන්න ගත්ත චාන් ගෙ ඇස් දෙකට අහුවුණේ ගිටාරයක් වයමින් සින්දු කියන තරුණයෙක්, උස, උසට සරිලන මහත, තද කළු පාට කොන්ඩය ඉස්සරහින් නළලට වැටෙන ලෙසත් පිටු පසින් තරමක් දික් වෙන සේත් සකස් කරලා තිබුණා, බිමට නැඹුරු වී තිබු මුහුණේ ලොකු දුකක් සැඟවී තිබුණා, ඒත් යන්තමින් පෙනුණ ඔහුගේ මුහුණේ සුන්දරත්වය නම් පිරිමි ලමයෙක් උන චාන් ගෙත් හිත නම් හොල්ලලා ඉවරයි..
![](https://img.wattpad.com/cover/355069154-288-k480817.jpg)