චාන් සහ යී බෝ රැගත් රථය ගමන් කරේ පෙරදා ඔවුන් හමුවූ බෝ නිතරම යන එන ස්ථානය වෙතය. ඔවුන් දෙදෙනා එහි යන විටත් වෙන් නින්ග් පැමිණ සිටියාය. නින්ග් අසළට ගිය බෝ ඇතුළට ගොස් කතා කරමු යැයි පැවසුවද නින්ග් පැවැසුවේ වෙනත් ස්ථානයකට යාමට අවශ්ය බවය.."ඇයි අපිට මෙතැන කතා කරන්න බැරිද"
බෝ ඇසුවේය.
"හැමදේම මතක් වෙන්න නම් අපි ඒ මතකයන් තියෙන තැන් වලට යන්න ඕනෙ"
නින්ග් පැවසූ විට අනෙක් දෙදෙනා එකඟ වූ නිසා තිදෙනාම වාහනයට නැඟ පිටත් වූයේ නින්ග් පැවසූ ගමනාන්තය කරා ය. මේ අතර චාන් ට බෝ ගෙන් අසන්නට ප්රශ්න රාශියක් සිතේ ගොඩ ගැසී තිබුණාය.
" යී බෝ ඔයාගෙ අම්මයි, නංගියි කොහෙද එයාලා හොඳින් නේද, ඔයා බේරුණේ කොහොමද, ඊයේ අර මිනිස්සු ඔයාලට කරදරයක් කරේ නැද්ද"
එක සැරේකට එක ප්රශ්නයක් අසා නම් චාන් ට පුරුද්දක් නැති හැඩය. ඒ පිළිබඳ සිතූ බෝ ගේ මුවට සිනාවක් නැගුණි.
"දැන් ඔය ප්රශ්න ගොඩෙන් ඔයාට ඉස්සෙල්ලම උත්තර ඕනෙ මොකටද "
" ආ,... ඔක්කොටම "
ඇස් දෙකත් ලොකු කරගෙන චාන් කතා කරන විට බෝ ට සිනා නොවී සිටීමට නොහැකි විය. මේ අතර නින්ග් සිටියේ පසු පස ආසනයට වී එළිය බලා ගෙනය.
"අම්මයි, නංගියි හොඳින් ඉන්නවා එයාලව දුරකට යැව්වේ මන් ටික දවසකට කලින්, මමත් ගෙදර ගියේ නෑ, ඊයේ රෑ මන් හිටියේ ඔයාලගෙ ගෙවල් ලඟ "
" මොකක් අපේ ගේ ළඟ"
"ඔව් මගේ වාහනේ ඔයාගෙ තාත්තා දන්න නිසා ඒක හැංගුව, මේ යාලුවෙක් ගේ වාහනයක්, ඊයේ රෑ මන් නිදා ගත්තෙ මේ වාහනේ ඇතුලේ ඔයාලගෙ ගෙවල් ලඟ"
එසේ කියමින් මුහුණට සිනාවක් නගා ගත් ඔහු යළි කතා කරන්නට විය.
" ඔයා රිලා පැටියෙක් වගේ අර ගහ දිගේ බඩ ගානවත් මන් බලාගෙන හිටියේ 😂😂"
බෝ එසේ පැවැසුවේ චාන් ගේ මුළු මූණම රතු කරමිනි. ඉන් පසු වෙන් නින්ග් පැවසූ මඟ ඔස්සේ ආ ඔවුන් පැමිණ තිබුණේ ඔවුන් අතීතයේ නිතරම හමු වූ දිය ඇල්ල අසලට ය. චාන් සහ බෝ දෙදෙනා එක වරක් මෙහි පැමිණ තිබූ බැවින්ද සිහිනෙන් හුරු පුරුදු වූ බැවින්ද එම ස්ථානය නුහුරු වූයේ නැත.