චාන් ට දැනුනේ තමන් ඒ ප්‍රපාතයට වැටුණා වැනි හැගීමකි. තමන් පාවෙනවා වැනි හැගීමක් සමඟ වැටෙන්නට ගිය ඔහුව අල්ලා ගන්නට ලඟින් දෙදෙනෙකු සිටියේ නැත්නම් ඔහු ප්‍රපාතයට වැටෙනවා නොඅනුමානය."චාන් මොකද උනේ තව ටිකෙන් ඔයාව පහළට වැටෙනව, ඔයිට වඩා පරිස්සම් වෙන්න"
චාන් ගේ අතින් අල්ලා සිටි ජී ලී පැවැසුවේය. ඔහු දෙස බැලූ චාන් තමන්ව අල්ලා ගත් අනිත් පුද්ගලයා දෙස බැලූ විට දුටුවේ යන්තමින් දෑස් පමනක් පෙනෙන සේ මුහුණ ආවරණය කර, කාල වර්ණ ඇදුමක් ඇද සිටි තරුණයෙකි.
" ගොඩක් ස්තූතියි "
චාන් අමාරුවෙන් වචන ගලපා ගත්තෙ ඔහුට දැනුණු දැඩි තෙහෙට්ටුව නිසා. තමාට එක පාරටම සිදු වූ මේ පෙරළිය නිසා ඔහු ගොඩක් කලබල වෙලා හිටියේ. ජී ලී සහ තරුණයා එක්ව චාන් ව අසල ඇති ගලක් මත ඉන්දෙව්වා. ජී ලී වතුර බෝතලයක් අරන් එන්න ගියේ චාන් ව ආගන්තුක තරුණයා සමග තනි කරමින්.
"ඔබට දැන් හොඳයිද""ඔව් ඔයාට ගොඩක් ස්තූතියි උදවු කරාට"
"ඔබතුමාට සැමදා මගෙන් උපකාර ලැබෙනවා අවුරුදු ගණනාවක් බලන් සිටියා ඔබ තුමා යළි එනතුරු, ඒ මගේ නිදහස ලබා ගන්න"
එසේ පැවසූ ඔහු පිටව යන්නට විය, ඒ පැවසූ කිසි දෙයක් තේරුම් ගැනීමට චාන් ට නොහැකි විය. එම තරුණයා මහත් ගෞරවයෙන් ඔහුට කතා කළේ ඇයි ද යන්න සිතා ගත නොහැකි වූ ඔහු එම තරුණයා යන දෙස බලා සිටියේ ඒ පැවසූ කිසි දෙයක් තේරුම් ගත නොහැකි වූ නිසාය.
එම අධ්‍යාපන චාරිකාව නිමා වූයේ චාන් ගේ ජීවිතයේ ලොකු පෙරළියක් ඇති කරමිනි, නිතරම සිනා මුසු මුහුණින් දග වැඩ කරමින් සිටි සුන්දර තරුණයා වෙනුවට දැන් සිටින්නේ නිතරම කල්පනා කරන නෙත් බිමට යොමා සන්සුන් ගමනින් යන තරුණයෙකි. මිතුරන් කෙසේ ඇසුවත් ඔවුන්ට නිසි පිළිතුරක් නම් ලැබුනේ නැත, නමුත් මේ හැමදේටම හේතුව වූයේ අධ්‍යාපන චාරිකාව බව නම් ඔවුන් හොඳින් වටහා ගෙන සිටියේය. වෙනස් නොවුණු එකම දේ නම් චාන් ගේ පරක්කු වෙලා නැගිටීමේ පුරුද්ද ය. ඒත් ඒ පුරුද්දට හේතුව නම් වෙනස් වී තිබුණි, චාන් හැම රැයකම අමුතු සිහින දැකීමෙන් අවදි වී යළි නිදා ගත නොහැකිව පීඩා වින්දාය. ඒ සිහින සියල්ලේම තිබුණේ එදා ඔවුන් එදා දුටු දිය ඇල්ල අවට දර්ශන සහ තරුණයන් තිදෙනෙකු ගේ රූපය, ඒ එදා චාන් ගේ ඇස් ඉදිරිපිට මායාවක් සේ මැවුණු තරුණයන් දෙදෙනාය. නමුත් එයින් පැහැදිලි ලෙස මුහුණ පෙනුණේ එක් අයකුගේ පමණි. යුධ ඇදුමින් සැරසී නිතරම ඔහු ළඟ සිටි තරුණයාගේ මුහුණ පැහැදිලි වූවත් ස්වේත වර්ණයෙන් සැරසී සිටි තරුණයාගේ මුහුණ බොඳ වී තිබුණි.නිතරම ඔවුන් තිදෙනා පමණක් සිටි සිහින වල හදිසියේ වෙනසක් සිදු විය.
"යාන් ඔය වෙස් මුහුණ නිකන්ම වෙස් මුහුණක් නෙමෙයි ඔයාගෙ වගේම අපේ ජීවිතත‍් ඒ වගේම මේ රාජධානියේ සියළුම දෙනාගෙ ජීවිත රැඳිලා තියෙන්නේ ඔය වෙස් මූණ ඔයා දාගෙන ඉන්නකම් විතරයි, ඒ නිසා පිට අයට ඔයාගෙ මූණ පෙන්නන්න එපා, ඔයා පරිස්සම් වෙනවා කියලා මට පොරොන්දු වෙන්න"
චාන් ගේ සිහින වලට පැමිණි අලුත් අමුත්තා ජියැන්ග් රාජධානියේ අවසාන රජු වූ ෆෙන්ග්මියන් රජතුමාය..
✍️යූචි