සිදු වූ රිය අනතුර නිසා සිහිසුන් වූ චාන් ව ඉක්මනින් රෝහල වෙත රැගෙන ගියාය. මේ අතර රිය අනතුර සිදු කල වාහනය නොනවත්වා ගමන් කරමින් යම් ස්ථානයක් අසල නැවැත්තුවාය. ඒ පාළුවට ගිය ගොඩනැගිල්ලකි. වාහනයෙන් බැස එහි ඇතුලට ගිය ඔහු පුටුවක් ඇඳ ඉඳ ගත්තේය. ඒ ඔහු නිතරම යන එන මිතුරන් මුණ ගැසෙන ස්ථානයකි. දෑතින්ම හිස කෙස් ඇඳ ගනිමින් පුටුවට බර වූ ඔහු දිග සුසුමක් හෙලා නැගී සිට එහෙට මෙහෙට ඇවිදින්නට වූයේ නොසන්සුන් වූ සිතිනි. නමුත් එක් වරම සිදු වූ දෙයක් නිසා සිහිසුන් වූ ඔහු වැටුණේ ඔහු අසලට පැමිණි අයකුගේ අත් දෙක මතටය.මේ අතර රෝහලට ඇතුළත් කළ චාන් ට තවමත් සිහිය ලැබී තිබුණේ නැත. ඔහු හදිසි අනතුරු අංශයට ඇතුළත් කරේ ඔහුගේ තුවාල තරමක් බරපතළ නිසාය. මේ අතර චාන් ගේ පියා සහ මව පැමිණ එළියට වී බලා සිටියේ ඔහුගේ තත්වය දැන ගැනීමටය.
......අතීතයේ සිදු වූ සිදුවීමක්....
"උබලා මට කියන්නේ වෙයි කුමාරයාගේ මුළු පවුලම මිය ගියා කියලද, එතකොට ඊයේ ඉපදුණු ඒ ලමයත් මිය ගියාද, උබලා නැති කරේ මගේ බලය වැඩි කර ගන්නට තිබුණ ලොකුම අවස්ථාව"
කෝපයෙන් කෑ ගසමින් බඩු මුට්ටු පොලවේ ගසමින් මේ කෑ ගසන්නේ මින් රාජ්‍යයේ රජතුමාය.තමන්ගේ බලය වැඩි කර ගැනීමට නම් ඒ දරුවා පණ පිටින් තමා ට උවමනා බව ඔහු හොඳින්ම දැන සිටියාය. නමුත් දරුවා ගෙනෙන්නට ගිය සෙබළුන් නැවත පැමිනියේ දරුවා මිය ගිය බව පවසමිනි.. මේ අතර සෙබළෙක් මාලිගයට පැමිනියේ හදිසි පණිවිඩයක් ගෙනය.
"සමාවෙන්න රජතුමනි, මා පැමිනියේ ඔබට හදිසි පණිවිඩයක් ගෙනය"
බියෙන් ගැහෙමින් රජුට වැඳ නමස්කාර කල ඔහු යළිත් කතා කරන්නට විය.
"රජතුමනි ඊයේ රාත්‍රියේ පුරෝහිත තුමාගේ නිවස ගිනි අරගෙන, පවුලේ සියලු දෙනාම මිය ගිහින්, ඔහුගේ ලේලියට දරුවෙක් ලැබෙන්න සිටියේ ඔවුන් සියලු දෙනාම මිය ගොස් කියලා තමයි කියන්නේ, කිසිවෙකුගේ සිරුරු අදුර ගන්න බැරිලු"
මෙය ඇසීමෙන් කම්පනයට පත් රජු ගේ කෝපය තවත් වැඩි විය. තම කඩුව ඇද ගත් ඔහු පණිවිඩය ගෙනා සෙබලා මෙන්ම අසල සිටි තවත් සෙබලුන් කිහිප දෙනෙක්ම මරා දැමූයේ ඔහුගේ කෲරත්වය තවත් මතු කරමිනි.
![](https://img.wattpad.com/cover/355069154-288-k480817.jpg)