චාන් ට සහ නින්ග් ට සිතන්න වත් කාළයක් නොදී ඒ වාහන දෙකේම ආව පිරිස ඔවුන්ව වට කර ගත්තා. ඒ පිරිස අතර සිටිය එක් අයෙක් චාන් ගේ තාත්තා, වෙන් නින්ග් මේ චාන් ගේ තාත්තව දකින පලමු අවස්ථාව. ඔහුව දුටු සැණින් නින්ග් ඇසිපිය නොහෙලා ඔහු දිහා බලා සිටින්නට උනා."චාන්, 😡 උඹ මට හොරෙන් මේ මහ රෑ කොහෙද ඇවිදින්න යන්නේ"
මිස්ටර් ෂියාඕ කේන්තියෙන් කෑ ගසමින් චාන් අසළට පැමිණියා, නමුත් නින්ග් වහාම චාන් ව ඔහුගේ පිටු පසට කර ගත්තා. මෙයින් උනේ මිස්ටර් ෂියාඕ ගේ කේන්තිය දෙගුණ තෙගුණ වීම. ඔවුන් දෙදෙනාටම පහර දෙන්න සිතුනත් නින්ග් ඇස් වල තිබූ බැල්ම ඔහුව මඳක් බිය කරා. ඒ නිසාම ඔහු නැවත කතා කරන්න උනේ චාන් දෙස බලාගෙන.
"උඹ මේ මටත් වඩා ඉහලින් යන්න හදනවද ආ, හෙට මිස්ටර් ලී ගේ පවුලේ අය එක්ක අපිට කෑමකට යන්න තියනවා. උඹ දන්නවද ඒ ගමන මට කොච්චර වැදගත් ද කියලා, ඒ නිසා මේ දැන්ම නගිනවා වාහනේට"
ඔහු කෝපයෙන් කෑ ගැසුවේ චාන් ට කුමක් කරන්නේ දැයි සිතා ගන්න බැරි වෙද්දී. චාන් ගේ තාත්තා මේ එන්නේ බෝ ව හොයන්න ගිහින් වගේම මිස්ටර් ලී ව හමුවෙලා. ඔවුන් දෙදෙනා තීරනය කරේ චාන් ව සහ ඇන්ඩි ව අනාගතයේදී විවාහ කර දීම සඳහා දැම්ම සුදානම් කිරීම සඳහා එම යෝජනාව ඉදිරිපත් කිරීමට සාදයක් පැවත්වීමට. ඒ නිසාම චාන් මේ නිවසින් පැන යන බව සිතූ ඔහු බියට සේම කේන්තියටද පත් උනා.
"මන් ඉන්නකම් එයාව ගෙනියන්න දෙන්නෙ නෑ"
වෙන් නින්ග් පැවැසුවේ දැඩි කේන්තියෙන්. එය ඇසුණු මිස්ටර් ෂියාඕ මහ හඬින් සිනා සෙන්න උනා, හිනාව අවසන් කර තම මැර පිරිස දෙස බැලූ ඔහු හිසින් ඔවුන්ට ඉඟි කරේ නින්ග් හට පහර දෙන ලෙසයි. මැරයින් දෙදෙනෙක් ඉදිරියට ආවත් ඔවුන් දෙදෙනා එක් වරම උඩින් විසි වී ගොස් බිමට වැටුණේ නින්ග් ගේ ප්රහාරය හමුවේ අනිත් පිරිස බිය වෙද්දී. යළිත් මැරයින් පස් දෙනෙක් ඉදිරියට ආවේ බියෙන් බියෙන්, ඔවුන්ට ද පහර දුන් නින්ග් චාන්වද ඇඳගෙන දුවන්නට උනේ ඔවුන් ආයුධ පාවිච්චි කරොත් චාන් ට කරදරයක් වේවි යැයි බිය සිතුණු නිසා. ඔහු සිතුවා සේම මැර පිරිස ඔවුන් පසු පස හඹා ආවේ තුවක්කු ද අතින් ගෙන. ඔවුන් වෙඩි නොතියා සිටියේ චාන් ට හානියක් වේ යැයි බියෙන්. ටිකෙන් ටික මැර පිරිස ඔවුන් දෙදෙනාට ලන් උනේ චාන් ගේ වේගය අඩාල වූ නිසා, අනතුරට ලක් වූ පාදය රිදුම් දෙන්න ගත්ත නිසයි ඔහුට එසේ උනේ. ඔවුන් දෙදෙනා පිවිසියේ තුන් මන් හන්දියක් අසලට මැරයින් ළඟ ළඟම එනවා, එක් වරම ඔවුන් දෙදෙනා ඉදිරියට වේගයෙන් ආව රථයක් ඔවුන් අසල නැවැත්වූවා.