ඉහාන් එහෙම හිතනකොට එයාගෙ අප්පච්චි ආවා එයා ළගට. එයාලා දෙන්නා පවුලෙ අය වුණත් එච්චර අන්තර් පුද්ගල සබදතාවක් තිබ්බෙ නෑ

මොකද තාත්තට රට කන්න තිබ්බා පුතාට ගම කන්න තිබ්බා. ඉහාන් ගෙ තාත්තා ඇවිල්ලා සරලවම ගත්තොත් අති විශාල වල් ඌරෙක්

හරි හරි එයාට දළ දෙකක් නෑ. ඒක වෙනම කතාවක්. එයාට අරය මීටර් භාගයක් වෙච්ච අතිවිශාල පරිධියක් තියෙන ලිපිඩයි පොස්පොලිපිඩයි අධෂ්චර්මෙ තැන්පත් වෙච්ච උදරයක් තිබ්බා

රට ජාතිය ආගම වෙනුවෙන් ජාතික ඇදුමෙන් පෙනී හිටියට එයා ජාතියම කෑවා. ජාතියම කන එක එයාගෙ ජානවල තැවරිලා තිබ්බා. දේශපාලනේනෙ ඉතින් දේශපාලනේනෙ

" මොකද උඹ ලෝකෙ කඩන් වැටිලා වගේ ඉන්නේ. බූටක් කෑවද?"

" ඔව් සැරම සැර බූටක් කෑවා බෝනස් එකට ගුටිත් කෑවා"

" කවුද බොල ඒ මගේ රත්තරන් පුතාට අත තියපු බැල්ලි?"

" මම ඒකිගෙ නම දන්නෑ අප්පච්චි"

" නම දන්නැත්තන් කොහොමද යකෝ බූට කෑවේ"

" ඒක හරිම දිග සංකීර්ණ කතාවක්"

" එහෙනම් කොට කරලා කියපන්"

" මම හා පැටියෙක් ගෙ පස්ස මිරිකුවා. ඒකිට ලෙසටම මල පැනලා රිටර්න් එකට මගෙ පස්ස පරලොවට යැව්වා"

ඇමති අප්පච්චිට තරහ ගියා කෙල්ල පුතාගෙ පස්ස පැත්ත අවසන් ගමන් ඇරිය එකට නෙමෙයි. ලැජ්ජා නැති විදිහට ප්‍රසිද්ධියෙ මොකාගෙහරි පස්ස අතගාපු එකට

" ඇයි උඹ එයාගෙ ## මිරිකුවේ"

" එයා මට එතන පෙන්නලා මාව පිස්සෙක් කරපු හින්දා"

" මට ඇත්ත කියපන්. ඒකි පෙන්නුවද තෝ බැලුවද? මම තොට ගෑනුන්ගෙ හැටහතර මායම් වලට අහුවෙන්න එපා කියලා."

" හරි හරි අප්පච්චි දැන් ඔයා කියන්න හදන්නේ ඔයා ඒවට අහුවෙලා අම්මා වගේ ගෑනියක් කරුමෙට හම්බෙලා මම වගේ බූරු දරු උපතක් ඉපදුණා කියලනේ"

ඇමති පියා කටපියාගත්තා. ඒක හැමදාම කියවන හින්දා ඉහාන් ට කටපාඩම්.

"හරි දැන් කවුද ඒකි"

" ඒ හා පැටියා කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්"

චූ බරයි || Nonfiction Bl Where stories live. Discover now