සචිනි ශලනි ගෙ මූණට එහෙම කිව්වට එයා හිත ඇතුළින් වෙනම ගේමක් ගැහුවා. දැන් අයන්තයා අතුරුදහන් හින්දා එයා දිහත් එයාගෙ අම්මා අප්පා ඕන වට වැඩිය හෙව්වා ඒක හින්දා තමයි එයාට වැඩේ දෙල් වෙන සීන් එකක් තිබ්බෙ

ඒත් වෙන කරන්න දෙයක් නෑ. එයා හොදටම තේරුණා වැඩේ වෙලා තියෙන්නෙ එයා හිතපු විදිහටමයි කියලා. මොනා නැතත් එයා ට සහෝදරයා නැතුව ලොකු පාළුවක් දැනිලයි තිබ්බෙ. සහෝදර ප්‍රේමෙනෙ ඉතිං. කාටවත් අගයක් නැති එක වෙනම කතාවක් වුණත්

එයාට පොලිසියට ගිහින් කියලා දාන්න හිතුණා ඉහාන් ව සැකයි කියලා. ඒත් ඇයි කියලා ඇහුවම උත්තර බදින්නෙ කොහොමද? ලංකාවෙ සංස්කෘතියත් එක්ක කටක් ඇරලා කියන්න අමාරු දෙයක් නෙ වෙලා තියෙන්නෙ

එයාටම හිතුණා ඉහාන් ගෙ ගෙදරට බඩ ගෑවොත් නම් ඉල්ලන් කන්නයි වෙන්නෙ කියලා. ඒක හින්දා එයා අයන්ත හොයන්න ඉන්න පොලිස් රාලහාමියට සීන් එක කියන්න හිත හදාගත්තා

ඇත්තවශයෙන්ම එයා අයන්තයා ආ ගිය අතක් නැතිවුණත් ජීවිතේට පොලිසියට බඩ ගාපු කෙනෙක් නෙමෙයි.එක තීරණේකට එන්න බැරි වුණාම දැනෙන අසරණකම එයාට දැන් තමයි තේරුම්ගිහින් තිබ්බෙ

මොනා නැතත් එයාගෙ අහිංසක සහෝදරයා හින්දා ඇමතියගෙ ගෙදරට පැනලා ඉහාන් ගෙ අස්ථි පද්ධතිය නැති භංගස්ථාන කරන්න එයාට ලොකු ආසාවක් තිබ්බා

ඒත් ඊට වැඩිය පොලිසියට යන එක ලේසියි කියලා එයාට හිතුණා. ඉස්කෝලෙ ගාවම පොලිසිය තියෙන හින්දා වැඩේ එච්චරම එයාට අමාරු වුන්නෑ

ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන 1960 බර ගණන් වල හදපු කුරුණෑගල පොලිසියෙ තාප්පෙ අවුරුදු පහකට කලින් කඩලා තියෙන එකක්

පාරෙ යන ගමන් චෝදනාගාරෙට යන්න පුළුවන්. ඒ තරමටම  කුරුණෑගල පොලිසියට ආරක්ෂාව දීලා තියෙන්නෙ.

සචිනි සුදු ඉර cross කරලා පොලිසිය ඇතුළට ගියා. යන වෙලාවෙම අයන්ත ව හොයන්න ඉන්න ඉන්ස්පෙක්ටර් කාරයා එයාගෙ මූණටම මුලච්චි වුණා

" ඔය ළමයව මට දැකලා පුරුදුයි"

" මම අයන්තගෙ නන්ගි. සර් ව හම්බෙන්නම තමයි මම ආවෙ."

" මාව? උඹට පිස්සුද ළමයෝ. කොල්ලා බූට තිබ්බා කියලා පොලිසියට එන්න"

" ඒකට නෙමෙයි ආවෙ මගෙ අයියා පැහැරගත්තා කියලා හිතන්න පුළුවන් සැක කෙනෙක් මම දන්නවා"

ඉන්ස්පෙක්ටර් කාරයා සචිනි දිහා බැලුවෙ දැන්ද තෝ ඕක කියන්නෙ කියලා අහන්න වගේ. ඒ මනුස්සයටත් අයන්ත ව හොයලා පණ ගිහින් තිබුණේ.

ඒ යකා මොනා නැතත් දේශපාලනේට කොන්ද නමන්නෙ නැති නීතිගරුක ඉන්ස්පෙක්ටරයෙක්. ඒ වගේම වැඩක් දුන්නම නාගන්න චරිතයක්

" හැබැයි සර් මේ ගැන මගෙ අම්මට කියන්න එපා. ඒක අම්මට කිව්වොත් අම්මා පොළොව පලාගෙන යයි."

" හරි හරි මෙතනින් වාඩිවෙලා ඒක කිව්වනම්"

සචිනි ලොකු හුස්මක් ඇරගෙන වෙච්ච දේ කියන්න ගත්තා. ඉන්ස්පෙක්ටර් පොරට චූ යන්න ආවා ඒ කතාව අහලා.

" ඇත්තමද බොල ඔය කියන්නෙ"

" ඔව් සර් මට ඒ මනුස්සයව සැකයි"

" උඹ කියන දේ වෙන්න බැරි නෑ. හරි දැන් උඹ ගෙදර පලයන්කො. ඉස්කෝලෙ ක ළමයෙක් පොලිසියට ආවා කියලා වෙනම කතාවක් යයි නැත්තම්"

සචිනිත් හිටියෙ නෑ එතනින් ගියා බස් හෝල්ට් එකට. ඊටපස්සෙ මාස්පොත බස් එක්ක නැගලා ඇවිත් ගෙදර ගියා

එයාට ඉස්සෙල්ලා ඉන්ස්පෙක්ටර් පොර බොරු කරන්නෙ කියලා හිතුණා. ඒත් පස්සෙ එයාටම තේරුණා ඇම්බැට්ට පොලිස්කාරයො අස්සෙ හොද අයත් ඉන්නවා කියලා

ඒත් ඉන්ස්පෙක්ටර් පොරට වුණේ වෙනම ඇබැද්දියක්. දැන් කොහොමද වරෙන්තුවක් ඇරගෙන එතනට යන්නෙ. ප්‍රසන්න රණසිංහ තමයි කුරුණෑගල බලේ තියාගෙන ඉන්න ඇමතියි. ඒ වගේම එහෙ බයි පරම්පරා ටික run කරන්නෙත් එයාම තමයි.

ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. අනික පොර මැරුණොත් එයාගෙ පෙම්වතාට යන කල දසාව ගැන එයා දස අතේ කල්පනා කරන්න ගත්තා

ඉන්ස්පෙක්ටර් රමේෂ් ට සාජන්ට් හසරුල් එක්ක කවුරුත් නොදන්න ආදර කතාවක් තිබ්බා. ඒක කවුරුත්ම දන්නෙ නැති වෙන්න දෙන්නා වග බලාගත්තා

නැත්තම් රස්සාවම ගහලා යනවනේ. දෙන්නම අභිරහස් හරි මොකක්හරි විසදුවෙත් එකටමයි. එහෙම කාලයක් ඉද්දි තමයි එයාලා ආදරේ කරන්න ගත්තෙ

සචිනි සීන් එක දිගාරිද්දි හසරුල් ඒ ළගම හිටියා. එයත් ඒ කතාවට සලිත වුණා

෴෴෴෴෴෴෴

චූ බරයි || Nonfiction Bl Where stories live. Discover now