" අපි දැන් මොකද කරන්නේ" හසරුල් ඇහුවා

" අපිට කොල්ලව හොයලා දෙන්න වෙයි. ඒ කෙල්ල කියපු කතාවෙ හැටියට අයන්ත ට වෙලා තියෙන්නෙ හොද වැඩක් නෙමෙයි"

" එයාව රේප් කරලද? හත්දෙයියනේ"

" අනේ අම්මපා අද කාලෙ හැදෙන එවුන්. අපි දෙන්නා කොච්චර හොදද බ..."

" ඩියුටි අස්සෙ ලව් කරන්න බෑ මිනිහො. අපි වැඩේ කරලා ඉමු"

රමේෂ් මූණ දෙල් කරගත්තා. ඒත් මොනා කරන්නද දෙන්නා ලව් කියලා දැනගත්තොත් නම්බුව ගහලා යනවනේ. ඒත් දෙන්නටම එහෙම ඉවසන්න අමාරුයි

" අපි දෙන්නම ඇමතියගෙ ගෙදරට හොරෙන් යමු"

"ඒ කොහොමද?"

" එයාගෙ හෙංචයියො දෙන්නෙක් වගේ"

"  මාට්ටු වුණොත්?"

" එහෙම වෙන්නෑ බය වෙන්න එපා"

" යකෝ ප්‍රසන්න රණසිංහ කියන වල් ඌරා එසේ මෙසේ ඇමතියෙක්ද?"

" ස' ගෙ කකුළ් ලෙවකන අමුම අමු බයියෙක් සරලයි"

" අපි දෙන්නට මොකද වෙන්නේ? ඒ හැතිකරේට අහුවුණොත්"

" ඉහාන් කොලුකාරයෙක් කියලා පෙන්නමු. බයවෙන්න එපා යකෝ. තමුන්නාන්සෙ සාජන්ට් කෙනෙක් නේද?"

" නෑ මී හරකෙක්. තෝ වල් ඌරෙක්"

එයාලගෙ ආදර බාසාව එහෙම තමයි. කිසිම ආදරණීය බවක් නෑ. මධ්‍යම පුරුෂෙන් ආමන්ත්‍රණය කරගන්න එයාලා ඒක ඉවර කරගන්නෙ අමුම අමු තිත්තම තිත්ත කුණුහරප වැලකින්.  නැත්තම් ලෝකෙ නැති සත්තුන්ගෙන්

" අපි කොහොමද දැන් හෙංචයියො වගේ රගන්නෙ බූරුවෝ"

" කුණු ඉන්ස්පැට්ටර් ට කතාකරමු"

කුණු ඉන්ස්පැට්ටර් ඇවිල්ලා රහස් පොලිසියෙ කෙනෙක්. නමට ඉන්ස්පැට්ටර් හැබැයි  තාම කොස්තාපල්.පොරත් ආයෙ ගේම අතාරින එකෙක් නෙමෙයි. ඒ වගේම එයාට ඇමති පියා එක්ක වචනෙන් විස්තර කරන්න අමාරු ලොකු තරහක් තිබ්බා

ඉන්ස්පැට්ටර් රමේෂ් කුණු ඉන්ස්පැට්ටර් ට කතා කරපු ගමන් ආවා. එයාට වැඩේ කිව්වම එක පයින්ම කැමති වුණා.

චූ බරයි || Nonfiction Bl Where stories live. Discover now