"හරි හදිස්සියෙන් නුබ දුටුව දිනේ...
තිගැස්සුනෙමි මම අහස වගේ..."
____________________________________"අර ඈතින් පේන්නේ අපේ ප්‍රින්සස් ගේ මාළිගාව!! "
ටේහ්යුන් ගේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු මිස්ටර් හන්,එහෙම නැත්නම් කුමරියගේ ලේකම් කිව්වා... මෙච්චර වෙලා මිස්ටර් හන් කියන දේවල් ගානකට නොගෙන ෂටර් එකෙන් එලිය බලාගෙන හිටපු ටේහ්යුන් මේ වතාවේ ඔලුව හරවලා හන් පෙන්නපු දිහා බැලුවා.....
කදු ගැටයක් උඩ ගලින් තැනුන පැරනී පාට මාළිගය ටේහ්යුන් ට මතක් කලේ පුංචි කාලේ අහපු ස්ලීපින්ග් බියුටි කථාව.... රෝස මල් වලින් වැහුන කැලෑවක් මැද්දේ තද නින්දක ට වැටිලා හිටපු සුන්දර කුමාරිකාවගේ කථාව අහන්න පුංචි කාලේ ටේහ්යුන් ගොඩක් කැමතියි...
"මාලිගාව වටේ ලොකු පයින් කැලෑවක් තියන්නේ.... කැලෑව අක්කර විසිපහක් පුරා පැතිරිලා තියනවා.... ඒ වටේ ලොකු තාප්පයක් තියනවා.... ඔබතුමා විශ්වාස කරනවද ඔය තාප්පේ වටේටම රෑ දවල් සෙබලු මුර සංචාරයේ යෙදෙනවා....."
ලේකම් හන් ටේහ්යුන් ගේ පැත්තට නැවිලා රහසින් කිව්වා....
"ඔබතුමා දන්නවනේ, ප්‍රින්සස් නමට තියන දේපල වල වටිනාකම... ඒකයී එතුමියට මෙතරම් ආරක්ෂාවක් තියන්නේ...."
ටේහ්යුන් ගෙන් ප්‍රතිචාරයක් නැති තැන ලේකම් හන් ආයේත් කිව්වා...
"රැජින අවධාරණය කරලම මට කිව්වා ඔබතුමාට මේක කියන්න කියලා, ඔබතුමා අපේ ප්‍රින්සස් ගේ හිත දිනාගන්න ඕන... එතුමිය කවදාවත් වෙන පිරිමි ලමයෙක් ආශ්‍රය කරලා නෑ....."
ලේකම් හන් කියනකොට ටේහ්යුන් යටතොල දත් අතරට අරගෙන හන් දිහා කම්මැලි බැල්මකින් බැලුවා....
"එතුමියට වයස අවුරුදු දහයක් වෙනකොටමයි මේ බටහිර මාලිගයේ පදිංචියට ආවේ....එදා ඉදලා එතුමිය මාලිගයෙන් පිට වුනේ අවුරුද්දටම පස් වතාවක් විතරයි.... ඒත් දැන් නම් ඒක හතර වතාවක් දක්වා අඩු වෙලා..."
ලේකම් හන් කියනකොට ටේහ්යුන් ආයේත් ඔලුව හරවලා හන් දිහා බැලුවා.... මේ වතාවේ හන් හිටියේ බිම බලාගෙන බර කල්පනාවක.... ටේහ්යුන් නිහඩවම මේ වයසක පුද්ගලයා දිහා බලාගෙන හිටියා.... හන් කුමරිය ගැන කථා කරන්නේ හරියට තමන්ගේ ම දරුවෙක් ගැන කථා කරනවා වගේ ආඩම්බරෙන් කියලා මේ පුංචි වෙලාවට ටේහ්යුන් ට තේරුනා....
YOU ARE READING
____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
Fanfiction"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀