"ගායල්!! මට ටිකක් කතා කරන්න ඕන!!"
ටේහ්යුන් ගේ ගෙදරදි මුන ගැහුන දවසට පස්සේ ඉදලා ගායල් තමන්ව හිතා මතාම මගාරින බව ජන්ග්මී ට තේරුනා...ඒ නිසාම ජන්ග්මී ගායල් එක්ක කථා කරන්න හිතුවා....
"මොනවද තවත් අපිට කතා කරන්න තියන්නේ ජන්ග්මී?"
ගායල් නැවතිලා ජන්ග්මී ගේ පැත්තට හැරිලා ඇහුවා...
"මේ අහන්න ගායල් ඔයා වැරදි වැටහීමක ඉන්නේ.. එන්න අපි අරහෙට ගිහින් කථා කරමු...."
යුනිවර්සිටි ගාඩ්න් එකේ කෙලවරක තිබුන සුදු පාට බංකුව පෙන්නලා ජන්ග්මී කියනකොට, ගායල් ජන්ග්මී එක්ක එක පෙලට වැටුනා.. .
"අහන්න ගායල්... මං කෙලින්ම කතාවට එන්නම්....මං නිසා ඔයයි ටේහ්යුනුයි අතර ප්‍රශ්න ඇති කරගන්න එපා ප්ලීස්...."
ජන්ග්මී කියනකොට අත්දෙක බැදගත්ත ගායල් කට කොනකින් හිනා වුනා....
"ග්රැජුවේෂන් එකෙන් පස්සේ අපේ මැරේජ් එක සිද්ධ වුනත් එතනින් එහාට කරන දේවල් ටේහ්යුනුයි මමයි දැන්මම කථා කරලයි තියන්නේ...."
ජන්ග්මී කියනකොට ගායල් ඔලුව හරවලා ජන්ග්මී දිහා බැලුවා....
"මැරේජ් එකෙන් පස්සේ ටේහ්යුන් ට නීත්‍යානුකුලව රාජ්‍ය බලය පවරන්න මම කැමතියි...ඒක මගේ මමා පපා දෙන්නත් දන්නවා....එතනින් එහාට රාජ්‍ය පාලනය වෙන්නේ ටේහ්යුන් යටතේ.... ටේහ්යුන් නීති රීති වෙනස් කරාවී.... ඊට පස්සේ ඔයාට පුලුවන් උප බිසවක් විදියට ප්‍රධාන මාලිගාවට එන්න ගායල්...."
ජන්ග්මී කියනකොට ගායල් ඇස් ලොකු කරගත්තා....
"බයවෙන්න එපා මම වැඩි කාලයක් මාලිගාවේ ඉන්නේ නෑ.... මං එහෙන් යනවා...."
ජන්ග්මී කියනකොට ගායල් ඇස් පුංචි කලා...."මං ආදරේ කරන කෙනා එක්ක මං හන්ගුක් වලින් යන්න යනවා... එතකොට ඔයාට තව දුරටත් උප බිසවක් විදියට ඉන්න වෙන්නේ නෑ..."
ජන්ග්මී කියනකොට ගායල් ඇස් ලොකු කරගත්තා.... ඒ ලොකු ඇස් දිලිසුනා....
"ඒත් මං කොහොමද ජන්ග්මී ඔයා ඔය කියන දේවල් ඇත්ත කියලා පිලිගන්නේ? කොහොමද කෙනෙක් ඒ තරම් ලේසියෙන් දේවල් අතාරින්න හිත හදාගන්නේ?"
YOU ARE READING
____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
Fanfiction"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀