"ආම් සොරි ටේහ්යුන්!!"
මෙච්චර වෙලා කලබලෙන් එහා මෙහා ඇවිදපු ජන්ග්මී ටේහ්යුන් ගේ ඉස්සරහින් වාඩි වෙලා හීන් හඩින් කිව්වා....ටේහ්යුන් ඇස් උස්සලා බැලුවා....
"සොරි ෆෝ වට් ජන්ග්මී?"
ටේහ්යුන් තේරුම් ගන්න බැරි බැල්මකින් ජන්ග්මී දිහා බලලා ඇහුවා.... හැම සෙනසුරාදාවකම ටේහ්යුන් ජන්ග්මී ව මුනගැහෙන්න ජන්ග්මී ජීවත් වුන කදුකර මාලිගාවට ආවා.... මේ වෙනකොට ඒ වගේ සෙනසුරාදාවල් අටක් ටේහ්යුන් ජන්ග්මී ව මුනගැහිලා තිබුනා....
ටේහ්යුන් ගෙයි ජන්ග්මිගෙයි බැදීම ශක්තිමත් මිතුරු බැදීමක් බවට හැරෙමින් තිබුනා....උදාවෙලා තිබුනේ වෙනදා වගේම ග්‍රීස්ම සෘතුවේ සුන්දර සෙනසුරාදාවක්... වෙනදා ට උදේ පිපුණු නැවුම් රෝස මලක් වගේ හිනාවෙන ජන්ග්මී අද ඕනවටත් වඩා කලබලෙන් හිටියා...
ටේහ්යුන් කීප වතාවක් ම ජන්ග්මී ගෙන් කලබලේට හේතු ඇහුවත්, ජන්ග්මී ට ටේහ්යුන් ව ඇහුන පාටක් තිබුනේ නෑ....ඒ නිසා ටේහ්යුන් නිහඩවම බලාගෙන හිටියා.....
"මගේ පපා, එයා...එයා කැමති නෑ අපේ මැරේජ් එක නවත්තන්න..."
සුදුපාට රවුම් මේසේ ටේහ්යුන් ඉස්සරහින් වාඩි වෙලා අතේ ඇගිලි තුඩු පොඩි කරන ගමන් ජන්ග්මී කලබල හඩින් කිව්වා.... ටේහ්යුන් නිහඩවම අහගෙන හිටියා....
"මං දන්නේ නෑ එයාට මොනවා වෙලාද කියලා ටේහ්යුන්, ඒත් එයාලා කැමති නෑ ග්රෑන්ඩ්පා ඔයාගේ මමාට දීපු පොරොන්දුව කඩ කරන්න.... "
ජන්ග්මී ආයාචනාත්මක හඩින් කියනකොට ටේහ්යුන් බර හුස්මක් පහල දැම්මා.... ජන්ග්මී ගැස්සුන ඇස් වලින් ටේහ්යුන් දිහා බැලුවා....
"මං ...මං මට පුලුවන් තරම් පපාටයි මමාටයි දෙන්නටම පැහැදිලි කලා.. බට් ටේහ්යුන්... මමාටයි පපාටයි බලපෑම් කරන්න පුලුවන් සීමාවක් තියනවා මට... ඇත්තටම එයාලා දෙන්නා සාමාන්‍ය දෙමව්පියෝ වගේ මාත් එක්ක ගොඩක් ක්ලෝස් නෑ... පුංචි ම කාලේදි වුනත්..."
ජන්ග්මී බිම බලාගෙන කියලා මොහොතක් නිහඩව හිටියා....ටේහ්යුන් නිසොල්මනේ ජන්ග්මීගේ කලබල ඇගිලි තුඩු දිහා බලාගෙන හිටියා.....
YOU ARE READING
____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
Fanfiction"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀