8th Love

312 97 15
                                    

"ඔයා ට බෑ මට නීති දාන්න ගායල්!! අමතක කරන්න එපා අපි අතරේ තියෙන සම්බන්ධේ මොකක්ද කියනෙක ගැන....."

ටේහ්යුන් තදින් කිව්වා....

"ඔයා මාව බලාගන්නවා කියලා  මගේ මමාට පොරොන්දු වුනා ටේහ්යුන්!!"

ගායල් සද්දෙන් කිව්වා.....

"අමතක කරන්න එපා මං එහෙම පොරොන්දු වුනේ ඇයි කියනෙක ගායල්....!!"

"ඇයි? ඇයි ඔයා එහෙම පොරොන්දු වුනේ ටේහ්යුන්? ඔයාට රකින්න බැරි නම් ඇයි ඔයා පොරොන්දු වුනේ?"

ගායල් හීන් ඉකියක් අතරින් කිව්වා....

"මම තාමත් මගේ පොරොන්දුව රකිනවා ගායල්,  ඒත් තමුන් සීමාව පන්නනවා.... !!"

"ඔයාට මම සීමාව පනින බව මතක් වුනේ ජන්ග්මී ව මුනගැහුනට පස්සේද ටේහ්යුන්?"

ගායල් අහනකොට ටේහ්යුන් ඉක්මනින් ඔලුව හරවලා ගායල් දිහා බැලුවා....

"ඔයා ජන්ග්මී ට කැමතියි එහෙම නේද? ඒත් ඔයාගේ ඇස් වලට පේන්නේ නැද්ද ජන්ග්මී කැමති ජිමින් ට.... ඔයා හැමෝගෙම ජීවිත අවුල් කරන්නයි හදන්නේ ආත්මාර්ථකාමී වෙලා...."

ගායල් ආවේගයෙන් කිව්වා.... ටේහ්යුන් බිම බලාගෙන වේගෙන් හුස්ම ඉහල පහල දැම්මා....

"ඇයි අපිට බැරි හිටියා වගේ හොදින් ඉන්න ටේහ්යුන්, මං දන්නවා ඔයා මට ආදරේ කරන්නේ නෑ...ඒත් ඔයා මීට කලින් ඒකට උත්සහා කලා...ඒත් දැන්... ඔයා මාව නිකන්ම නිකන් අතෑරලා දාන්නද හදන්නේ?"

ගායල් අහනකොට ටේහ්යුන් රතු වුන ඇස් වලින් ගායල් දිහා බැලුවා....

"මං ලුවී ඉන්න තැන හොයාගත්තා !!"

ටේහ්යුන් සන්සුන් හඩින් කියනකොට ගායල්ගේ ඇස් ලොකු වුනා....

"මං ඉක්මනින් ඔයාලා දෙන්නව මුන ගස්සන්නම් ගායල්... මං ඔයාගේ මමාට පොරොන්දු වුනා, ඒ ඇයි කියලා ඔයා හොදටම දන්නවා... ඔයා සුයිසයිඩ් කරගන්න හදපු වෙලේ එයා ගොඩක් අසනීප වුනා ඒ නිසා මට එයාට පොරොන්දු වෙන්න වුනා....."

ගායල් ගේ ඇහින් ගලපු කදුලක් කම්මුල් දිගේ ගලාගෙන ගියා....

"එයා හිතුවට සිද්ධ වුන දේවල් වලට වගකියන්න ඕන  මම කියලා ඔයා ඇත්ත දන්නවා ගායල්.... මං ඔයාව මට පුලුවන් තරම් පරිස්සමින් බලාගන්නවා... මොකද සිද්ධ වුන දේවල් වලට මගේත් පුංචි හරි සම්බන්ධයක් තියන නිසා... ලුවී හොද යාලුවෙක් කියලා හිතපු එකයි මං කරපු ලොකුම වරද, මං අදටත් ඒ ගැන පසු තැවෙනවා....!"

____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗Where stories live. Discover now