17nth Love

335 94 60
                                    

"මං හිතුවේ ඔයා මෙහේ ඉන්නේ ගොඩක් සතුටින් කියලා ටේහ්යුන්...!"

ටේහ්‍යුන් ටේබල් එක උඩින් ගෙනත් තියපු සීතල ලයිම් වීදුරුව අත් දෙකට මැදි කරගත්ත ජන්ග්මී කිව්වා....ටේහ්යුන් ඇස් උස්සලා බැලුවා.... උදේ ඉදලම ටේහ්යුන් ගේ මූන අමුතුම හිනාවකින් එලිය වෙලා... ඒ දුඹුරු පාට ඇස් දිලිසෙනවා.....දැනුත් ඒ මූනේ හිනාව උතුරනවා....ජන්ග්මී බුම්මගෙන ම ලයිම් උගුරක් බිව්වා....

"හාහ් ඔව් මං මෙහේ හිටියේ සතුටින් තමයි, කවුද දැන් නෑ කිව්වේ ම්!!"

ටේහ්‍යුන් හිනා වෙවීම ඇහුවා...

"එහෙනම් ඔයා මොකද අද ඔය තරම් සතුටින්? අපි මෙහෙන් යන නිසා නෙවේද?"

ජන්ග්මී අහනකොට ටේහ්යුන් හයියෙන් හිනා වුනා... ජන්ග්මී බුම්මගෙන බලාගෙන හිටියා....

"නෝ නෝ මටත් දුකයි මෙහෙන් යන්න වෙනවට, ඒත් මං හිතාගත්තා මගේ රියල් හනිමූන් ට්රිප් එකත් මෙහේටම එන්න....!"

ටේහ්‍යුන් කියනකොට ජන්ග්මී ගේ ඇස් බිමට හැරවුනා.... ටේහ්යුන් ගේ මූනේ හිනාව නම් නැති වුනේ නෑ....

"කෝ දැන් ඔයාගේ ඔලුව රිදෙන එක අඩුයිද ජන්ග්මී? අපි බ්රෙක්ෆස්ට් අරගෙන බාජන ටික සෝදලා යමු නේද?"

"හ්ම් ටිකක්....ඔයා බ්රෙක්ෆස්ට් හැදුවද?"

"නෝප්....ඊයේ කෑම හැදුවට අපි පොඩ්ඩනේ කෑවේ.... මං ඉතුරු ටික fridge එකට දැම්මා...."

"ඔහ් මට නම් කොහොම නිදාගන්න ගියාද වත් මතක නෑ ඇත්තටම "

ජන්ග්මී නලලට අත තියලා ඔලුව වැනුවා....

"රියලි!! ඒත් ඔයා මට ගුඩ් නයිට් කියලා හොදට ඇවිදගෙන ගියා...."

අවන් ට්‍රේ එක උඩ තිබුන ගාලික් බන් ටික ප්ලේට් එකකට අහුරන ගමන් හිනාව හංගගෙන ටේහ්යුන් කිව්වා....

"ආහ් ඔව්ද? ඒත් මට මතක නෑ!"

"පස්සේ මතක් වේවි!!"
ජන්ග්මීව හරහට උස්සගෙන රූම් එකට යනකන්ම තමන් ටේහ්යුන් ට මොන තරම් ආදරේද කියලා ජන්ග්මී කියවපු හැටි මතක් කරන ගමන් තනියම හිනා වුන ටේහ්යුන් කිව්වා...

"මං එහෙමම නිදා ගත්තා !"

බන් එකක් දෙකට කපන ගමන් ජන්ග්මී ඔලුව උස්සලා කියනකොට ටේහ්යුන් පුදුම උන මූනක් හදාගෙන ජන්ග්මී දිහා බැලුවා....

____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗Where stories live. Discover now