18nth Love

360 84 52
                                    

"ජන්ග්මී ඔයා චේන්ජ් කරගෙන එන්න, ඇදුම් තියනවා අපේ රූම් එකේ!!"...

ඇදගෙන ආපු ෆුල් සූට් එක මාරු කරලා බ්ලැක් ෂෝට් එකකට බ්‍රවුන් කලර් ආම් කට් ටීෂර්ට් එකක් ඇදලා කැප් එක දාන ගමන් පඩිපෙළ බැහැගෙන ආපු ටේහ්යුන් කියනකොට ජන්ග්මී ට ඇහුනේ අපේ රූම් එකේ කියන වචනේ විතරයි....අපේ!! ජන්ග්මී හිතින් ඒ වචනේ ආයේ කියනකොට ජිමින් ජන්ග්කුක් දෙන්නා සද්දෙටම ඒ වචනේ රිපීට් කලා....

"අපේ රූම් එකේ!!! යෝ යෝ!!"

ජන්ග්කුක් ඇස් කරකවලා කියනකොට ජන්ග්කුක් ව ගනන් නොගෙනම ටේහ්යුන් ආයේත් ජන්ග්මී දිහා බැලුවා...

"ජන්ග්මී!! මොකද්ද ප්රශ්නේ?"

තාමත් තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්න ජන්ග්මී ගේ නලලට අත තියලා ටේහ්යුන් ඇහුවා...

ජන්ග්මී මොකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වනද්දි ජන්ග්කුක් ට කැස්සක් හැදුනා....

"මං ටිකක් එලියට යනවා, ගාඩ්ස්ලා ඕන නෑ...."

පිටිපස්සෙ දොර දිහාවට ඇවිදගෙන යන ගමන් ටේහ්යුන් කියනකොට, ජන්ග්මී ඉක්මනින් ඔලුව හරවලා ටේහ්යුන් දිහා බැලුවා...

"ටේහ්‍යුන් ඔ...ඔයා යන්නේ ග්..ගායල්...."

"ඔව්, එන්න ටිකක් පරක්කු වෙයි!!"

ජන්ග්මී අහනකොට ක්ෂනිකව කියපු ටේහ්යුන්, පිටිපස්සේ දොරෙන් එලියට ගිහින් ජන්ග්කුක් ගේ බයිසිකල් එකත් අරගෙන පිටිපස්සේ පොඩි ගේට් එකෙන් එලියට යනකන්ම ජන්ග්මී දොර දිහා බලාගෙන හිටියා... ඒ මුලු වෙලාවේම ජන්ග්කුක් ජිමින් දෙන්නාගේ ඇසුත් ජන්ග්මී ලග නැවතිලා තිබුනා....

"ආම් සොරි නූනා!! මං හිතුවේ හෙයොන්ග් පරනදේවල් අමතක කරලා කියලා....."

මුලින්ම නිහැඩියාව බිදලා ජන්ග්කුක් කිව්වා.... ජන්ග්මී යන්තමින් ඔලුව වනලා හිනා වුනා...

"ඉට්ස් ඕකේ ජන්ග්කුකී!! අපි හොද යාලුවෝ විතරයි!!"

ජන්ග්මී කියනකොට හුස්මක් පහල දාපු ජිමින් ජන්ග්මී දිහා බැලුවා....

"ඇයි ඔයා ටේහ්යුන් ට ඔයාගේ හිතේ තියෙන දේවල් නොකියන්නේ ජන්ග්මී?"

____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗Where stories live. Discover now