"ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද ජන්ග්මී?"
ටේහ්යුන් අහනකොට ජන්ග්මි ගැස්සිලා ගියා...
"ආනී...ඇයි එහෙම අහන්නේ?"
"ඔයා අසනීපෙන් වගේ, මූනත් සුදුමැලි වෙලා... ඊයේ ක්‍රිස්මස් පාටි එකට ගිය වෙලාවේ ඉදලම ඔයා අසනීපෙන් වගේ ඉන්නේ...."
ටේහ්යුන් කියනකොට ජන්ග්මි යන්තමින් හිනා වුනා.....
"මේ දවස් ටිකේම ටිකක් වැඩ වැඩියිනේ, නිදහසේ ඉන්න වෙලාවක් ලැබුනේ නෑ ඒ නිසා ටිකක් මහන්සියි!!"
කෑම පිගානට මූන නවාගෙන ජන්ග්මී කිව්වා...ටේහ්‍යුන් ඔලුව උඩ පහල වැනුවා..... ජන්ග්මී පිටතින් සාමාන්‍ය වෙන්න හැදුවට ඇතුලතින් ඕනවටත් වඩා නොසන්සුන් වෙලා හිටියා....
ඊයේ දෙසැම්බර් විසිපහ....මුලු ලෝකෙම මිනිස්සු සතුටින් ඉන්න දවස.....ජන්ග්මිත් හිතේ තිබුන හැමදේම මොහොතකට අමතක කරලා සතුටින් මාලිගාවේ පැවැත්වුන නත්තල් සාදයට ටේහ්‍යුන් එක්ක පිටත් වුණා.....
ආගිය කතා, සුබ පැතුම්, හදුන්වා දීම් මැද සාදය දිගට ඇදෙන කොට ජන්ග්මී හිටියේ හෙම්බත් වෙලා...ටේහ්‍යුන් නම් එයාගේ ප්‍රින්ස් ලෙසන්ස් වලින් හොදටම ප්රයෝජන ගනිමින් ඇවිත් හිටිය ඉහල පෙලේ රාජකීය අමුත්තෝ එක්ක හරි හරියට මුහු වෙලා හිටියා.... ඇත්තටම පාඩම් වලටත් වඩා ඒ ලේ වලට කාවැදුන රාජකීය පෞරුෂය කියලා ජන්ග්මී දැනගෙන හිටියා.....
මොහොතක් අමුත්තෝ අතර මුහු වුන ජන්ග්මී ටේහ්යුන් ට දන්වලා ශාලාවෙන් එලියට ආවේ නර්ථන උත්සවය ආරම්භ වෙන්න කලින් ටිකක් හිත නිදහස් කරගන්න හිතාගෙන.....
උත්සව ශාලාවේ දකුණු කෙලවර දිගේ උස් මල් වැට දිගේ ඉස්සරහට ඇවිදගෙන ගිය ජන්ග්මී ගේ ගමනාන්තය වුනේ මාලිගා උද්යානය කෙලවර තියන පොකුණ.... මේ වගේ උත්සව අවස්ථාවක උද්යානය කෙලවර තියන පොකුණ අසල ප්රදේශය පාලුවට යන බව ජන්ග්මී අත්දැකීමෙන් දන්නවා.....
සීතල දෙසැම්බර් මාසේ නත්තල උදා වෙලා තිබුනත් තාමත් හිම වැටෙන්න පටන් අරගෙන තිබුනේ නෑ..... නුදුරේම දවසක හිම පථනය ආරම්භ වෙන බව හාත්පස වෙලාගෙන තිබුන සියුම් සීතල ඉගි කලා....
YOU ARE READING
____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
Fanfiction"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀