"ඉතින්...ඔයා අද මොකද කලේ?"
වෙනදා වගේම ඩිනර් ටේබල් එකට වාඩි වෙන ගමන් ටේහ්යෙන්ග් අහනකොට ජන්ග්මී හිනාවෙලා ටේහ්යෙන්ග් දිහා බැලුවා..... සිද්ධ වුන කරදරෙන් පස්සේ එයාලා ආපහු කදුකර මාලිගාවට ඇවිත් මේ වෙනකොට සති දෙකක් ගෙවිලා ගිහින්....
ගෙවුණු සතියේ ටේහ්යෙන්ග් ආයේමත් එයාගේ සුපුරුදු ජීවණ රටාවට අවතීර්ණ වුනා...ඒත් ඒ රටාවේ සැලකිය යුතු වෙනසක් සිද්ධ වුනා.... දැන් හැමදාම ටේහ්යෙන්ග් උදේට යනකොට ජන්ග්මී ට ගුඩ් බායි කියනවා... රෑ කෑමට කලින් ආපහු එනවා....ඒ එනකොට නොවැරදීම ජන්ග්මී වෙනුවෙන් සුදු රෝස මල් මිටියක් අරගෙන එනවා.... හරියට ආදරණීය සැමියෙක් වගේ.....
ටේහ්යෙන්ග් හෙමි හෙමින් ජන්ග්මී ගේ හදවතේ තමන් වෙනුවෙන් ඉඩ හදාගන්නවා.... ජන්ග්මීටත් නොදැනීම ජන්ග්මී ගේ හදවත ටේහ්යෙන්ග් ව ආදරෙන් වැලද ගන්නවා හෙමි හෙමින්......
"ම්හ් විශේෂයක් නෑ, මං මිසිස් ජන්ග් එක්ක එකතු වෙලා කේක් හදන්න ඉගෙන ගන්න පටන් ගත්තා....."
ජන්ග්මී කිව්වා....
"කොහොමද ඔයාගේ ආට් ක්ලාසස්?"
ජන්ග්මී හැමෝටම හොර රහසේ ඉගෙන ගත්ත චිත්ර කලාව තව තවත් දුරට ඉගෙන ගන්න ටේහ්යෙන්ග් ජන්ග්මී ට ඉඩ සලසලා දුන්නා.... ඒ වෙනුවෙන් ගුරුවරයෙක් හොයන්න පවා ටේහ්යෙන්ග් ගොඩක් මහන්සි වුනා....
"වරදක් නෑ, මිසිස් හන් හරිම කරුණාවන්තයි, මං කැමතියි එයත් එක්ක වැඩ කරන්න...."
"අපි නෙක්ස්ට් ඉයර් විතර චූටිවට එක්සිබිෂන් එකක් කරමු, එක්ස්පීරියන්ස් එකක් ගන්නත් එක්ක.... පස්සේ බැරියෑ ලොකු එකක් ගන්න..."
ටේහ්යෙන්ග් කියද්දී ජන්ග්මී යන්තමින් හිනා වුනා.... අනාගතේ, හෙට දවස ගැන ජන්ග්මී ට තියන්නේ අවිනිශ්චිත හැගීමක්.... හෙට දවස ගැන විශ්වාසයක් නැතිව ජීවත් වෙන එක ඒක හරි අමාරු හැගීමක්.... ජන්ග්මී ට ඕන නෑ ඒ හැගීම්.....
දවසින් දවස ටේහ්යෙන්ග් ඇසුරේ ජීවිතේ සැහැල්ලු වෙනකොට.... කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු හීන බලාපොරොත්තු වලට දොරවල් විවර වෙනකොට, ජන්ග්මී ට ඕන නෑ නිකරුනේ ජීවිතේ දාලා යන්න.....
YOU ARE READING
____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
Fanfiction"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀