"නූනා ජිමින් හෙයොන්ග් එක්ක ඔය බයිසිකල් එකේ එන්න, මං මේකේ එන්නම්..."
ජන්කුක් ජන්ග්මී දිහා බලලා කිව්වා...
"මාත් එනවා!!"
දුවගෙන ආපු ටේහ්යුන් කියනකොට ජන්ග්මී ජන්කුක් ජිමින් තුන් දෙනාම පුදුමෙන් බැලුවා...
"මොකද ඔහොම බලන්නේ ඇයි මාව එක්කන් යන්න බැරිද?"
ටේහ්යුන් තොල් උල් කරගෙන ඇහුවා... ජන්ග්මී ගේ ඇස් දිලිසුනා...
"එහෙනම් ජිමින් හෙයොන්ග් මාත් එක්ක යමු නේද?"
ජන්ග්මී දිහා බලලා ඇහැක් ඉගි මරලා ජන්කුක් කිව්වා.... ජන්ග්මී තොල් තද කරගෙන බලාගෙන ඉද්දි යන්තමින් හිනාවුන ජිමින් ජන්කුක් ගේ බයිසිකලේ පිටිපස්සට නැග්ගා...
"හෙයොන්ග් මිස්ටර් ජෝගේ farm එකට හැරෙන වංගුවේදි හම්බ වෙමුඌඌ!!"
බයිසිකල් එක ඉස්සරහට පදින ගමන් ජන්කුක් සද්දෙන් කිව්වා...
"සෝඕ!!... ඔයාට පුලුවන්ද ඉස්සරහින් වාඩි වෙන්න...."
ටේහ්යුන් ඇහුවා....
"පුලුවන්!! මං බයිසිකල් පදින්න දන්නවා!"
කට කොනක් ඇද කරලා කියපු ජන්ග්මී බයිසිකල් එක ඉස්සරහින් වාඩි වෙද්දී ටේහ්යුන් ඇස් ලොකු කරගෙන හිටියා...
"යමුද?"
ජන්ග්මී පිටිපස්සට හැරිලා කිව්වා... ඔලුව වනපු ටේහ්යුන් බයිසිකල් එක පැඩ්ල් කරන්න පටන් ගත්තා...
"ඔයා කොහොමද බයිසිකල් පදින්න පුරුදු වුනේ?"
බයිසිකල් එක පදින ටේහ්යුන් ගේ පපුවේ උනුසුමත් එක්ක සිතුවිලි ගොන්නක අතරමං වෙලා හිටපු ජන්ග්මී ටේහ්යුන් ගේ හඩින් ගැස්සිලා ගියා....
"මොකද වුනේ? කොහේද ගිහින් හිටියේ?"
ටේහ්යුන් ඉස්සරහට නැවිලා හෙමින් ඇහුවා.... ස්වභාවයෙන්ම ටේහ්යුන් ට තියන ගැබුරු හඩ රහසින් කථා කරනකොට තවත් ගැඹුරුයි!! ජන්ග්මී උරහිස් අකුලලා හුස්මක් ඉහලට අරගත්තා...
"මගේ ලග බයිසිකල් එකක් තියනවා... මාලිගාවේ පහල කොටසේ සමහර දවසට මං බයිසිකල් පදිනවා...."
YOU ARE READING
____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
Fanfiction"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀