"පැටියෝ එහෙනම් ඔයා ඕක නිදහසේ ඉවර කරන්න, පපා එහාපැත්තේ තියන කැරට් පාත්ති ටිකත් බලලම එන්නම්!!"
ජන්ග්මී ගේ උරහිසට උඩින් කැන්වස් එකට එබුන ජේසන් එහෙම කියලා වත්තේ අනිත් කෙලවරට ඇවිදගෙන යනකොට ජන්ග්මී නිහඩවම ඈතින් ඉර බැහැගෙන යන කදුපේලියක් සිත්තම් වුන කැන්වසයට අවදානේ දුන්නා....
ජන්ග්මී රෝහලෙන් ඇවිත් දැනට සති තුනක් ගෙවිලා ගිහින්....කෝමා එකෙන් ඇහැරුනාට පස්සේ ජන්ග්මී තවත් මාසයක් රෝහල් ගත වෙලා හිටියා.... ඒ මාසේ පුරාම ජේසන් වොනී දෙන්නා ජන්ග්මී ලග හිටියා....ජන්ග්මී මොන තරම් ඒ දෙන්නව මගෑරියත්, මුරන්ඩු වුනත් ජේසන් වොනී දෙන්නා කේන්ති අරගත්තේ නෑ.....
මාසේකට පස්සේ රෝහලෙන් නිදහස් කලාට පස්සේ ජන්ග්මී ට සිද්ධ වුනා ජේසන් වොනී දෙන්නා ස්විස්ටර්ලන්තයේ එයාලගේ පරණ ගෙදර විකුණලා අලුතින් ගත්ත ගෙදරට එයාලත් එක්ක එන්න... ඒ ආවත් දිගින් දිගටම මුරන්ඩු වුන ජන්ග්මී එයාට තනියම ජීවත් වෙන්න පුලුවන් කියලා කෑම බීම ප්‍රතික්ෂේප කරලා දවසම බලාගත්තු අත බලාගෙන ඉද්දි ජේසන් ඉවසීමෙන් හිටියත් වොනීගේ ඉවසීම පුපුරලා ගියා....
ඒකේ ප්‍රතිඵලය හැටියට ජන්ග්මී හිටපු කාමරේ බිම පොලව උඩට බර දෙයක් වැටෙනකොට ජන්ග්මී ඔලුව හරවලා ඒ දිහා බැලුවා.... ලොකු ට්‍රැවලින්ග් බෑග් දෙකක් එකක් ඇරුනුකොට එකක් විදියට ජන්ග්මී ගේ ඉස්සරහ බිමට වැටිලා තිබුනා....
ජන්ග්මී හිස් බැල්මෙන් බලාගෙන ඉද්දි වොනී බෑග් එක ඇරියා....
"මේක තමයි ඔයා ඉපදුන වෙලාවේ ඔයාට අන්දවපු ඇදුම, මේකෙන් ඔතලා තමයි එයාලා තියේටර් එකේ ඉදලා ඔයාව එලියට අරගෙන ගියේ...."
දිග කන් තියෙන හාවො දෙන්නෙක් හිටපු රෝස පාට බේබි ගව්න් එකකුයි රෝස පාට බේබි පැනල් එකකුයි බෑග් එකෙන් එලියට අරගෙන වොනී කියනකොට ජන්ග්මී ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.....
"ඒත් ඒත් අන්තිමට මගේ ඔපරේෂන් එකෙන් පස්සේ එයාලා පපාට මේ ටික විතරක් ආපහු දීලා, දරුවගේ පෙනහළු වැඩිලා නැති නිසා එයා නැතිවුණා කියලයි කියලා තියෙන්නේ..."
VOUS LISEZ
____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
Fanfiction"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀