කලින් දවසේ වගේම දොර ඇරිලා වැහෙන ක්ලික් හඩට ටේහ්යුන් ගැස්සිලා ඇහැරුනා.... නිදිමත එහාමෙහා වෙනකන් මොහොතක් නිසොල්මනේ හිටපු ටේහ්යුන් සයිඩ් එකේ තිබුන නයිට් ලෑම්ප් එකේ ලා කහපාට එලියේ උදව්වෙන් වෙලාව බැලුවා....
කලින් දවසේ වගේමයි.... වෙලාව පාන්දර එකට ආසන්න වෙලා තිබුනා....ටේහ්යුන් ඇදේ එහාපැත්තේ හිස් ඉඩ දිහා බලලා හුස්මක් අතෑරියා.....මිට සතියකට උඩදි ජන්ග්මී එක්ක එකඟතාවකට ඇවිත් ටේහ්යුන් ජන්ග්මී දෙන්නා එකම ඇද දෙකට බෙදාගෙන නිදාගත්තා.. ඒත් පලවෙනි දවසෙන් පස්සේ ගෙවුන සතිය පුරාම ජන්ග්මී මහ රෑට නැගිටලා කොහේ හරි යනවා කියලා ටේහ්යුන් දැනගත්තා....
පලවෙනි දවස් දෙකේ ටේහ්යුන් ඒ ගැන අවදානයක් නොදුන්නත් ජන්ග්මී තුන්වෙනි දවසෙත් ඒ විදියටම පිටවෙලා ගියාම ටේහ්යුන් ඇහැරලා ජන්ග්මී එනකම් බලාගෙන හිටියා..... පාන්දර තුනට ආසන්න වෙලා ආපිට ආපු ජන්ග්මී දොරට පිටදීලා වේගෙන් හුස්ම ගන්න හැටි ටේහ්යුන් නිසොල්මනේ බලාගෙන හිටියා....
ඊටපස්සේ ගෙවුන හැම රෑකම ජන්ග්මී පිට වෙලා ගියාට පස්සේ ටේහ්යුන් ඇහැරලා ජන්ග්මී එනකම් බලාගෙන හිටියා.... අදත් එහෙම දවසක්....
ටේහ්යුන් නිසොල්මනේ බලාගෙන හිටියා.... කාලේ හෙමින් ගෙවිලා ගියා.... මොහොතකට පස්සේ ජන්ග්මී කාමරේ ඇතුලට ඇවිත් දොර වහලා දැම්මා.... ඒත් වෙනදා වගේ දොරට පිට දීලා මොහොතක් ඉදලා ඇවිත් නිදාගන්නවා වෙනුවට දොර දිගේ පහලට රූටලා ගිහින් දනිස් අතරේ මූන හිර කරගත්ත ජන්ග්මී හෙමින් ඉකිබිදින්න පටන් ගත්තා.... ටේහ්යුන් මොහොතක් ජන්ග්මී ගේ ගැස්සෙන උරහිස් දිහා බලාගෙන හිටියා.....
ඊලගට හෙමින් ඇදෙන් නැගිටලා බිමට බැස්සා...
"ජන්ග්මී?"
ටේහ්‍යුන් හෙමින් කථා කලා.... ජන්ග්මී ක්ෂනිකව ඔලුව උස්සලා ටේහ්යුන් දිහා බැලුවා....ඒත් එක්කම කාමරේ දොරට තට්ටු කරන හඩක් ඇහුනා... ටේහ්යුන් ව්‍යාකූලව ජන්ග්මී දිහායි දොර දිහායි බලනකොට, ටේහ්යුන් ලගින් ඇස් අහකට අරගත්ත ජන්ග්මීත් දොර දිහා බැලුවා.....
ඊලගට ඉක්මනින් බිමින් නැගිටලා රෑ ඇදුමට උඩින් දාගෙන හිටපු ඕවර් කෝට් එක ගලවන ගමන් ටේහ්යුන් ලගට වේගෙන් ඇවිදගෙන ගියා... ටේහ්යුන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා....
YOU ARE READING
____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
Fanfiction"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀