5th Love

355 87 11
                                    

ජන්ග්මී හිටියේ ඇස්වලිනුත් හිනාවෙන ගමන්.... පුංචි දා ඉදලා මේ වෙනකන් ම ජන්ග්මී ඉගෙන ගත්තේ මාලිගයටම ගෙන්වපු විශේෂිත ගුරුවරුන්ගෙන්.... එක්සෑම් වලට යනකොට ආරක්ෂකයෝ පිරිවරපු එක විශේෂිත කාමරයක තමයි ජන්ග්මී එක්සෑම් වලට මූන දුන්නේ.....

ජන්ග්මී ට හැමදාම ඕන වුනා ජන්ග්මී ගේ පෞද්ගලික සේවිකාව වුන යූනා කියන පාසල් ජීවිතේ අත්දැකීම් විදලා බලන්න.... යූනා ජන්ග්මී ට වඩා අවුරුදු දෙකක් බාලයි.... යූනා කියන විදියට යුනා කැමති ම කාලේ එයා ඉස්කෝලේ ගිය කාලේ.... පවුලේ ආර්ථික අපහසුතා නිසා උසස් අධ්‍යාපනය නවත්තලා මාලිගයේ සේවයට ආවත් යූනා තාමත් හරි ආදරෙන් පාසල් කාලේ ගැන මතක් කරනවා....
මාලිගයේ ප්රධාන සේවිකාව වුන මිසිස් ජන්ග් යූනාට තරවටු කලත් යූනා හැම රෑකම ජන්ග්මී එක්ක පාසල් කාලේ සුන්දර මතක ගැන කියනවා.... කවදාවත් ඒ තරම් ලස්සන අත්දැකීමක් විදලා නැති ජන්ග්මී හරි ආසාවෙන් ඒ කථා අහගෙන ඉන්නවා.....

ඒත් දැන්.... දැන් ඉදලා මාස හයක් එක දිගට ජන්ග්මී ටත් පුලුවන් ඒ සුන්දර දවස් අත්විදින්න.... ජීවිතේ වැඩි කාලයක් මාලිගාව ඇතුලේ ජීවත් වුන ජන්ග්මී සමාජේ ගැන දැනගෙන හිටියේ හරිම පුංචි වපසරියක්...ඉතින් විශ්ව විද්‍යාලය සහ පාසල කියන්නේ වෙනස්ම පරිසරයන් දෙකක් කියනෙක ගැන පුංචි ම වත් අවබෝධයක් ජන්ග්මී ට තිබුනේ නෑ....

ඒ වගේම යූනා කතා කලේ එයාගේ ගමේ පුංචි ඉස්කෝලේ ගැන කියලත් තමන් ගැටෙන්නේ නගරයේ හැම දේකින්ම පදම් වුන මිනිස්සු එක්ක කියනෙකත් ජන්ග්මී ට නිකමටවත් මතක් වුනේ නෑ.... ඒ ගැන ජන්ග්මී ට පහදලා දෙන්න තරම් අධ්‍යාපන මට්ටමක් නිකන් ම නිකන් සේවිකාවක් වුන යුනාට තිබුනේත් නෑ....
මිසිස් ජන්ග් උගත් කාන්තාවක් වුනත් ජන්ග්මී ගේ හිතේ තියන බොලද සුරංගනා හීන ගැන අවබෝධයක් ඇයට තිබුනේ නෑ... ඉතින් ජන්ග්මී සතුටින් පිම්බුන කම්මුල් තෙරපලා හෙමින් හිනාවෙන ගමන් තරප්පු පෙළ දිගේ පහලට ආවා.....

ඉස්තරම්ම වර්ගයේ ලිනන් වලින් නිමවපු  සුදු පාට නේවි කොලර් එකකින් හැඩවුන ලා නිල්පාට ගවුමක් ඇදලා හිටපු ජන්ග්මී එයාගේ දිග කොන්ඩේ එකතු කරලා නිල්පාට කටුවක් ගහලා තිබුනා.... දුඹුරු පාට කව්බෝයි බූට්ස් දෙකක් දාලා  මිල අධිකම දියමන්ති වලින් සැකසුන සුදු පාට ඩේසි මල් කිනිත්තක් සහිත brooch එකක් ගවුමේ රදවගෙන හිටපු ජන්ග්මී දිහා බලපු මිසිස් ජන්ග් ගේ ඇස් දෙක ලොකු වුනා....

____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗Where stories live. Discover now