°˖🐾°⋆☬ 01 ☬⋆˚🐾˖°

2.9K 150 133
                                    


ආයෙත්..? ආයෙත් ඒ හීනෙමයි.. Tae ගැස්සිලා ඇහැරිලා ඇදෙන් ඉදගත්ත.. දැන් ළගකදි ඉදන්ම ඒ එකම හීනේ එක දිගට පේනව.. බය වෙනව.  උඩගිහින් ඇහැරෙනව.. හැබැයි ඇහැරුනම දැක්කෙ මොකද්ද කියල මතක නෑ.. 🥲🥲🥲

" අම්මා...? අම්මේ.. ? "   පුරුද්දට වගේ නිදිමතේම කෑ ගැස්සුනත් අම්ම ඒ වෙද්දිත් අවන්හලට ගිහින් කියල tae ට මතක් උනා..

වෙලාව උදේ 7.30 යි.. එයා ඔලුව කස කස ටිකක් වෙලා ඇගමැලි කඩල පස්සෙ නැගිටල ගිහින් මූණසෝද ගත්ත.. පස්සෙ ඉක්මනින් ලෑස්ති වෙලා පාරට බැස්ස..

සෙනග පිරින සෝල් නගරෙ පදික වේදිකාව දිගේ විළුඹ එළියට එන්න දාපු සපත්තු හදහද වෙලාව බල බල හයියෙන් ඇවිදන්ගියේ kim taehyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙනග පිරින සෝල් නගරෙ පදික වේදිකාව දිගේ විළුඹ එළියට එන්න දාපු සපත්තු හදහද වෙලාව බල බල හයියෙන් ඇවිදන්ගියේ kim taehyung.. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක පවුලෙ එකම ළමය.. වයස අවුරුදු 25යි. එයාට හිටියෙ අම්ම විතරයි.. තාත්ත පොඩි කාලෙම නැති වෙලා.. අද tae ගෙ දෙවෙනි interview එක කලින් පාර interview ගිය company එකෙන් තාම පිලිතුරක් නැති හින්ද එයා තව එකකට යන්න හිතුව.. IT , languages , business management වගේ degree ගොඩක් තිබ්බත් tae ට හිතට සතුටු වෙන රස්සාවක් ඕනෙ උන හින්ද එයා හොඳයි කියල හිතෙන ආයතන ගොඩකට application ගොඩාක් දැම්ම..

එදත් ගියේ ඒකකට.. කොච්චර හදිස්සි උනත් tae යන පාර දෙපැත්තෙ කඩවල් වල වීදුරු වලින් එයාව හැඩට පේනවද බලන්නත් අමතක කරේ නෑ.. ඒත් වේගෙන් පාරෙ ඇවිදන් යද්දි ඉස්සහින් ගිය හොඳට ඇද පැලදගත්තු මැදි වයසෙ පිරිමි කෙනෙක්ගෙ පර්ස් එක ඇස් ඉස්සරහම බිම වැටෙනව එකපාරටම එයා දැක්ක..

ආහ්.. වැටුන නේද ? ඒ මනුස්සය දිගටම යනවනෙ.. tae ක්ශනිකව කල්පනා කරල පර්ස් එක අහුලන් වේගෙන් ඇවිදන් ගිය ඒ මනුස්සය පස්සෙන් දිව්ව..

" ස..ර්.. ස..සර්.. මේ මේක වැටුන.. " ඊතලේ වගේ වේගෙන් ගිය මනුස්සයව අමාරුවෙන් නවත්තල tae පර්ස් එක එයාට දුන්නෙ හති ඇර ඇර..

𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF  ✅COMPLETED ✅Where stories live. Discover now