°˖🐾°⋆☬ 24 ☬⋆˚🐾˖°

815 93 121
                                    

අදත් සින්දුවක් ගෙනාවෝ... සින්දුව එපා අය silence කරන්ඩ ඈ.. මම මේ wattpad එකේ setting පිළිබඳ හදාරනව මේ දිනවල.. 🥲❤️‍🩹

••••••••••••••••••••••••••••••••• •••••••• •••

ජන්ග්කුක් තද කරල බදාගත්තු විදිහෙනුයි කනට කොදුරපු විදියෙනුයි දුකයි තරහයි පදමට අච්චාරු වෙලා තිබ්බ taeගෙ මොලේ ක්සනික ප්‍රතිචාර පද්ධතියට අකුණු ගැහුව වගේ උනා.. එසැනින් ඔලුව පස්සට කරපු tae ජන්ග්කුක් ඉස්සරහට තල්ලු කරන්න හදන ගමන් උඩ පැනල එයගෙ නළළෙන් ජන්ග්කුක්ගෙ නළළට හයියෙන් පාරක් ගැහුව.. ජන්ග්කුක්ට නම් ඒක වින්ස්ක්‍රීන් එකක ගොයම් මැස්සෙක් වැදුන වගේ දැනුනත් tae ට නම් කළු ගලක ඔලුව ඇන්න වගේ විවිධ වර්ගයේ තරු පාට පාට ග්‍රහලෝක ඔලුව වටේ යනව පෙනුන..

" අහ්.. අහකට.. මාව අල්ලන් එපා.. අහකට අයින් වෙනව.. "

tae රතු උනු නළළ අතකින් අල්ලන් උනේ මොකද්ද කියල හිත හිත උන්නු ජන්ග්කුක්ව තල්ලු කරන්න හැදුව.. 🥲🥲

'' මොකද්ද ඒ කළේ ? ''

Tae ගෙ වීරක්‍රියාවෙන් එයාගෙම නළළ ඉදිමිලා කියල මොලේට ගිය ගමන් ජන්ග්කුක් අඩන්නත් අමතක වෙලා විළිලැජ්ජාවෙන් රතු වෙලා නළල මිරිකන් හිටපු tae ව බලෙන්ම සැටියෙන් ඉන්දෝල නළළ අතගාල බැලුව.. දැනටමත් ලාවට රතු වෙලා.. පස්සෙ ජන්ග්කුක්ම kitchen එකට ගිහින් fridge එකෙන් අයිස් කැට ටිකක් අරන් ගෙනත් දුන්න..

" පොඩ්ඩක් මම කියන දේ අහන්න tae.. ඒත්.. නෑ.. ඊට කලින් ඔය නළළ ඉදිමිලානෙ.. painkillers බාම් මොනව හරි ඕනෙ වෙයිද ? ම.. මම තවන්නද ? "

ජන්ග්කුක් අයිස් ටික අතට අරන් හෙමින් තවන්න හැදුවත් tae අයිස් ටික උදුරල අරන එයාම නළලෙන් තියා ගත්ත.. 🙂🙂

" හ්ම්හ්... හරි.. ටිකක් අහන්න taehyung.. මුලින්ම මට ඕනෙ පැහැදිලි කරන්න.. සාධාරණීකරණය කරන්න නෙවේ.. ඒත් ඔයා දැකල තියනවද මගෙ ඇස් දෙක ? ඒක වෙලාවකට නිල් පාට වෙනව.. ඒක අධික කෝපය නිසා ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්.. දවසක් ගෙදරදි ඔයාට කම්මුලට ගහපු දවසෙත් එහෙම උනා.. ඒ මගෙ ඇග ඇතුළෙ තියන ශක්තිය හරි මොකක් හරි දෙය අවධි උනාම වෙන දෙයක්.. මම කලිනුත් කිව්ව.. ගොඩක් වෙලාවට මට එහෙම උනාම පාලනයක් නැතුව යනව.. මම දන්නෙ නැහැ ඔයාට මතකද කියල ඒත් එදා රෑ club එකට ගිය දවසෙ මම blue lenses දාගෙන ගියා.. ඒ හදිසියේම ඇස් වල colour change උනොත් ඒක කාටවත් නොපෙනෙන්න කරපු දෙයක්.. ඔයා එදා Fight එක මැද්දට පැන්නම මම ඔයාව හයියෙන් තල්ලු කළා මතකද ? ඒ වෙලාවෙත් මම හිටියෙ ඒ තත්වෙන්.. එ.. එතකොට මතක් කරන්න අකමැති උනත් ටිකක් මතක් කරල බලන්න එදා රෑ.. මගෙ ඇස් මොන පාටටද තිබ්බෙ කියල මතකද ? මං.. නැහැ.. මම මේ නිදහසට කරුණු කියනව නෙවේ.. පැහැදිලි කරන්නයි මට ඕනෙ.. මට.. මට කීයටවත් ඔයාට එහෙම ගහන්න තුවාල කරන්න බලහත්කාරකම් කරන්න ඕනෙ උනේ නැහැ.. මං.. මම දන්නෙ නෑ වෙනදට මට ඉක්මනින් හොඳ සිහියට එන්න පුළුවන් උනත් එදා.. මට එදා ඒක කරන්න බැරි උනා tae.. ඒ වොඩ්ක නිසාමත් නෙවේ.. ඒක විශ්වාසයි.. ඒත් මම.. මම දන්නෙ නෑ ඇයි එහෙම උනේ කියල.. මට.. ඇත්තටම ගොඩක් සමාවෙන්න.. "

𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF  ✅COMPLETED ✅Where stories live. Discover now