♟️🎭 ------------------------------>>>>>>>>>>
" උඹ මොනවද මේ කියන්නෙ? තේරෙන්න කියපන්.. " ජන්ග්කුක්ගෙ අත් දෙක සටසට ගාල ගැහුනෙ මොකද්ද ඒ කිව්වෙ කියල හිතා ගන්න බැරුව..
" මුලින්ම ඔය ආයුධ පැත්තකට දැම්මොත් අපි දෙන්නටම ඒක හොඳයි සුකී පැටියෝ.... ඒක දැනගන්න ඔන්නම් මෙතනින් ඉද ගන්නව.. මම එන්න කිව්වෙ කතා කරල ඔයා නොදන්න දේවල් ගොඩාක් ඔයාට කියල දීල ඊට පස්සෙ ඔයාගෙ හැසිරීම බලල ටිකක් විනෝද වෙන්න විතරයි.. නැතුව යුද්ධයක් කරන්න නෙවේ.."
එකපාරටම ඩෝහීගෙ ඇස් සාමාන්‍ය තත්වෙට ඇවිත් ජන්ග්කුක්ගෙන් අත් දෙක ගලව ගන්න දගලන ගමන් කිව්ව..
" කියන්න තියන දෙයක් ඉක්මනට කියපන්.. මොකද්ද ඒ කිව්ව කතාව ?? '' ජන්ග්කුක් කෑ ගැහුවෙ පිස්තෝලෙ අයින් කරල අඹරන් හිටපු අත් අතෑරල ඩෝහීව තල්ලු කරල ඈත් කරන ගමන්.. පස්සේ ඒ කෙල්ල frock එක උඩින් දාන් හිටපු කලු දිග ඕවර් කොට් එක ගලවල ඇදුම හදා ගත්ත..
" ඔයා දන්නවනෙ සුකී..මම අනාතයෙක්.. මාව අපායක වගේ හිටපු ඒ වංශවතාගෙ නිවසෙන් බේර ගත්තෙ මාව එතෙන්ට වැටෙන මාව අතෑරිය මගෙ පියා කියන මනුස්සයම තමයි.. ඉතින් පස්සෙ කිම් පවුලෙන් මාව හදා ගන්න ගත්ත.. එයාල මට ගොඩාක් ගොඩා..ක් හොඳින් සැලකුව සුකී.. එයාලගෙම දරුවවත් නොසලකා හැරල මාව බලා ගත්ත.. අනේ ඒත් ඒ කරුණාවන්ත දෙමාපියො මාව තනියම දාල දෙවියන් ළගට ගියානේ.. ඇත්තටම ඇයි හොඳ මිනිස්සු එහෙම මැරෙන්නේ. "
ඩෝහී ඇස් දෙකේ කදුළු පුරවන් ජන්ග්කුක් ඉස්සරහම එකපාරටම බිම දණ ගහන් අඩන්න පටන් ගත්තම ජන්ග්කුක් පිටිපස්සට අඩි දෙක තුනක් ගියේ මේ හැසිරීම තේරුම් ගන්න බැරුව.. ඒත් විනාඩියක් විතර ඇත්තටම මූණ වහන් අඩනව වගේ පෙනුන ඩෝහී අඩන ගමන් හිනා වෙනව ඇහුන ජන්ග්කුක් තවත් ව්‍යාකූල වෙලා ගියා... 😶
YOU ARE READING
𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF ✅COMPLETED ✅
Mystery / Thriller🐾️ Caractors වෙන වෙනම introduce කරන්නෙ නම් නෑ.. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න හොඳේ. Daily Updates නම් දෙන්න බැරි වේවි.. පුළුවන් ඉක්මනට updates දෙන්නම්. හෙමිහිට කියෝලම බලන්නකෝ.. Top - jungkook 💜️ Bottom - Tae