🐾️💜️🦋
ඇස් නිලංකාර වෙලා වගේ තාම ඔලුව රිදුම් දෙද්දි tae ඇස් ඇරිය.. වටේ පිටේ කුරුල්ලො කෑ ගහනවත් ඇහෙද්දි මුලින්ම tae ට හිතුනෙ එයා මැරිල දිවිය ලෝකෙවත් ඇවිත් ද කියල ඒත් පස්සෙ තේරුනා මේ පාන්දර නිසා ඉර පායන්න ළග ඇති කියල.. ඒත් tae ගෙ ඇගට ලොකු අමුත්තක් දැනුන.. නිකන් අත පය හොලවන්න හුස්ම ගන්න අමාරුයි වගේ.. tae බාගෙට අසිහියෙන් වගේ ඔලුව දෙපැත්තට වනල පියවි සිහියට එන්න උත්සාහ කරද්දි තමයි එයාට දැනුනෙ එයාගෙ කට ලේන්සුවකින් බැදල අත් දෙකත් බෙල්ට් එකකින් තදට එකට කරල බැදල කොහේ හරි කාමරේක ඇද වියලක කොනේ ගැට ගහල කියල.. හැබැයි කකුල් බැදල තිබුනෙ නම් නෑ..
හොඳටම බය වෙලා කලබල උනු tae අත් දෙක ඇද වියලෙන් ගලව ගන්න පුළුවන් ශක්තිය දාල ඇද්දත් ගැලවුනේ නෑ.. කට බැදල දාල තිබුනත් කෙදිරි ගගා දගල දගල අත් ගලෝගන්න වීරිය දාන ගමන් වට පිට බලපු tae එකපාරටම දැක්කෙ එයා ඉස්සරම පුටුවක් උඩ හොඳට ඉදගෙන නළල රැලි කරන් එයා දිහා බලන් ඉන්න ජන්ග්කුක්ව...
" මුලින්ම Kim Taehyung තමුන්ට මම කියන දේ ඇහෙනවද ? මට තමුන්ට කිසිම කරදරයක් කරන්නවත් රිදවන්නවත් ඕනෙ නෑ.. ඒත් මම ඔය කටයි අත් දෙකයි බැදල දැම්මෙ මීට කලිනුත් තමුන් කලබල උනාම බය උනාම ගොඩක් අසාමාන්‍ය විදිහට හැසිරෙනව දැකල තියන නිසා මේ වගේ Situation එකකදි කොයි වගේ හැසිරේවිද කියල හිතා ගන්න බැරි උන නිසා.. එතකොට ඔය කකුල් බැන්දෙ නැත්තෙ තුවාල නිසා.. ඒත් කීයටවත් දුවන්නවත් පැනල යන්නවත් නම් උත්සාහ කරන්න එපා... ඒක වැඩකට ඇති වැඩක් නෙවේ.. දැන්.. මම කියන දේවල් හොඳට සාවධානව අහන් ඉදල අන්තිමට මට තමුන්ගෙ තීරණේ කියන්න ඕනෙ? තේරුනා ද ? තේරුනා නම් ඔලුව හොලවන්න.. " 😶😶
YOU ARE READING
𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF ✅COMPLETED ✅
Gizem / Gerilim🐾️ Caractors වෙන වෙනම introduce කරන්නෙ නම් නෑ.. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න හොඳේ. Daily Updates නම් දෙන්න බැරි වේවි.. පුළුවන් ඉක්මනට updates දෙන්නම්. හෙමිහිට කියෝලම බලන්නකෝ.. Top - jungkook 💜️ Bottom - Tae