UNIVERSITY OF SRI JAYAWANDENEPURA
බෝඩ් එක පහු කරගෙන මහත ටයර් තියෙන කළු සුදු රේසින් බයික් එකක් විශ්වවිද්‍යාලෙ ඇතුලට යනකොට මග දෙපැත්තෙ උන්නු ගෑණු ලමෝ දෙතුම් පාරක් හැරි හැරිත් බැලුවෙ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන , කලු ඩෙනිමකට සුදු ටීෂර්ට් එකක් ඇඳලා ඊටත් උඩින් නිල් පාට අත් දිග කමිසයක් ඇඳගෙන බයික් එක උඩ උන්නු ඉලන්දාරියා දිහා.
කලු පාට තඩි සුපිරි පැලැන්තියේ මෝටර් රථයක් ඇවිත් විශ්වවිද්‍යාලෙ ඉස්සරහින් නතර කරනකොට සුදු ෂූස් දෙකක් දාපු, කලු ඩෙනිමකට බැගී ටී ෂර්ට් එකක් ඇඳපු ඉලන්දාරියෙක් පිටිපස්සෙ දොර ඇරගෙන ගල් අල්ලපු පොලවට පය තිබ්බා.
පීච් පාට තිත් වැටුන මූනක් , දුඹුරු පාට ඇස් දෙකක් , උල් උන චෙරි පාට තොල් දෙකක්, Blonde Hair එකක් තිබුන එයාට රේස් බයික් එකෙන් බැහැපු සුදු හඳුන් පාට මූණක් , තද කලු පාට ඇස් දෙකක්, මහත වයින් පාට තොල් දෙකක් , මූණ වැහෙන්නම දිග කලු පාට කොන්ඩයක් තිබුන ඒ අපූරු හාදයව මගහැරුනා.
මැණික්කටුව ගාව හිර වෙලා තිබුන හීනි කලු පාට බූල් බෑන්ඩ් එක අරගෙන ඉස්සරහෙන් කොන්ඩෙ ටිකක් ඇදලා පිටිපස්සට කරලා ගැටගහපු එයා රේසින් බයික් එක පාස් කරගෙන ඇතුලට එනකොට හොඳම යාළුවො දෙන්නා උන අදීෂ් අකේෂ් ගල් අල්ලපු පාරෙ ගහක් යට නැවතිලා බලාන හිටියා.
"ලියෝ අභිස්ර ඩෙවොන් ෆර්නැන්ඩෝ..... Welcome to the university bro !"
ඔව් එයා නමින් ලියෝ.... අදීෂ්ගෙයි , අකේෂ්ගෙයි කර වටේට අත් දෙක දා ගත්තු ලියෝගෙ මූණෙ හිනාවක් පිරිලා තිබුනා.
"Hey Bro.... උඹට සෙට් නැති පිරිමි සතෙක් ඇවිත් ඉන්නවා."
ෆැකල්ටිය පැත්තට හැරෙනකොට අදීෂ් එහෙම කියනකොට වලියට හොඳටෝම බර ලියෝ කල්පනා කරේ සෙට් නැති පිරිමි සත්තු ගැන.
YOU ARE READING
DOOM
Mystery / Thrillerරූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.