"දැන් තේරුණාද තමුන්ට, මම ඇයි රූත්ව ආස්‍රය කරන්න එපා කිව්වෙ කියලා ?"
"I don't think doom කියන්නෙ රූත් කියලා."
ඉරිදාවක ගෙදර ගියපු ලියෝට සිද්ද උනේ රහසිගතව කරපු හැමදේම තාත්තා ඉදිරියේ වමාරන්න. රූත්ගෙ අයියාගෙන් ලැබුන පණිවිඩේ ගැන කියනකොට තාත්තා උනත් කලබල උනා සෑහෙන්ට.
"හහ් ! තමුසෙ හෙන මෝඩයි ලියෝ.... ප්‍රොෆෙසර් පරණවිතාන කියපු විදිහට නම් රූත් එන්නෙම තමුන් එක්ක පැටලෙන්නලු. ඇත්තද ඒ කතාව ?"
"Yes..... I අතෑරියා රූත්ව එයාගෙ hardest ම කාලෙදි. So he hates me like crazy."
අහනදේට උත්තර දුන්නත් ලියෝ එකම පාරක්වත් බැලුවෙ නෑ එයාගෙ තාත්තගෙ මූණ. කොහොම අමතක කරන්නද ගෑණියෙක්වත් ඇදගෙන අඩ නිරුවතින් කාමරෙන් එළියට ආපු ලස්සන.
"ඒක හොඳයි ! ඔය කොල්ලා ගැන ඇහැ ගහගෙනම ඉන්න ඕනි. අද ඉඳලා තමුන් රූත් කරන කියන හැම දේම මට රිපෝට් කරන්ඩ ඕනි තේරුණාද ? !!!"
"බෑ...."
තාත්තට දැඩිව එහෙම කිව්වත් ලියෝ අහංකාරකමට එහෙම උත්තරයක් දුන්නෙ ජීවිතේ පලවෙනි වතාවට. එයාගෙ හදවත උනත් සෑහෙන වේගෙන් ගැහෙනවා ඇති. ඒත් තාමත් එයාගෙ හිතේ තිබුනෙ තාත්තා ගැන මහ අප්‍රසන්න හැඟීමක්.
"බෑ ! ගුටි කන්නද ඕනි තමුසෙට ? ආහ් !!!! මගේ වචනෙට පිටින් ගිහින් අගෟරව කරන්න තරම් කොහෙන් ආපු හයියක්ද තමුන්ට !!!!"
තාත්තා ලියෝට කෑ ගහගෙන ආවේ ගහන්න අතකුත් උලුක් කරගෙන.
"I saw everything daddy.... You are very dirty. You don't deserve my ගෞරවය. රූත්ගෙ අම්මට වේසි වේසි කිව්වට ඔයා තමයි හොඳටම වේසකමේ ගිහින් තියෙන්නෙ daddy. I hate you....."
තාත්තගෙ ඇස් දෙක දිහා බලාගෙනම කියපු ලියෝ නැගිට්ටෙ ගෙදරින් එළියට යන්න හිතාන.
"ලියෝ !!!! මොනවද තමුසෙ දැක්කා කියන්නෙ ? පුළුවන් නම් ඔප්පු කරපන් මම වේසකමේ ගියා කියලා. තමුන්ගෙ තාත්තට නේද ඔය කතාකරන්නෙ ආහ් !!!! කට පලනවා දැනගනින්...."
යන්න හැරුණ ලියෝව ඇදලා අරගෙන ඇමති තාත්තා හයියෙන්ම එහෙම කියනකොට අම්මත් දුවගෙන ආවෙ ලියෝට ගැහුවොත් තාත්තට ගහනවමයි කියලා හිතාගෙන.
YOU ARE READING
DOOM
Mystery / Thrillerරූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.