Can't help myself

893 133 64
                                    

"ඇයි ගහගත්තෙ ?"

ප්‍රොෆෙසර් පරණවිතාන එහෙම ඇහුවෙ ඔෆිස් එකේ හිටපු ලියෝ , රූත් දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.

තුවාල උන නලලෙන් ගලපු ලේ මූණ පුරා බේරෙනකොට තොල පැලිලා හක්ක ඉදිමිලා තිබුන රූත් ප්‍රොෆෙසර්ට උත්තර දෙනවා වෙනුවට ලියෝ දිහා බැලුවා.

නාස් කුහර දෙකේම පුළුන් කෑලි ගහගෙන, අතේ වැලමිටට පහලින් තිබුන රූත්ගෙ අංග සම්පූර්ණ දත් පාර අතින් වහගෙන, ඉදිමිලා නිල් වෙලා තියෙන ඇහැකුත් අමාරුවෙන් ඇරගෙන හිටපු ලියොත් රූත් දිහා බැලුවා කට ඇද කරගෙන.

"ඇයි මොකද ! තමුසෙලා දෙන්නා මූණට මූණ බලාගෙන පිළිකුල් භාවනාව කරනවද ? මම අහපු දේට උත්තර දෙනවා.... ඇයි රංඩු උනේ ?"

අතේ තිබුන වේවැලෙන් චිටීස් ගාලා පාරක් මෙසෙට ගහන ගමන් ප්‍රොෆෙසර් කාරයා හයියෙන් කෑ ගැහුවා.

"නිකම්......"

ගත් කටටම නිකම් කියලා කියපු රූත් ප්‍රොෆෙසර්ටත් රවලා අහක බලාගන්නකොට ලියෝ දත් තිස් දෙකම පෙන්නලා ප්‍රොෆෙසර්ට හිනා උනා.

"We were Just පොඩි සෙල්ලමක් කරා......"

ලියෝ එහෙම කියනකොට මුළු සසරම කලකිරුව ප්‍රොෆෙසර් ලොකු හුස්මක් පාතට දැම්මා.

"හරි, තමුසෙගෙ තාත්තාගෙ නම්බර් එක දෙනවා !"

සාක්කුවෙන් ෆෝන් එක ඇදලා ගන්න ගමන් ප්‍රොෆෙසර් කාරයා එහෙම කිව්වෙ ලියෝට.

"Ministry of finance එකට dial කරලා minister ගෙ son ගෙ professor is speaking කියන්න."

පුටුව පිටිපස්සට බර වෙලා අත් දෙක පපුව වටේ බැඳගෙන කට කොනකින් හිනා වෙන ගමන් ලියෝ ප්‍රොෆෙසර්ට එහෙම කියනකොට ප්‍රොපා එක දිගට ඇස් පිල්ලම් තුන හතරක් ගහන ගමන් ඒ කියපු දේ මොලේට දාරනය කරගත්තා.

"ඒ කියන්නෙ..... මේ ඩයස් ෆර්නැන්ඩො ඇමති තුමාගෙ පුතාද ?"

"Oh yes...... සමහරු වගේ නෙවෙයි , I'm from a වැදගත් family."

රූත් ගෙ යට ඉඳලා උඩට දෙපාරක් බලන ගමන් ලියෝ එහෙම කිව්වා.

"ආ...... එතකොට තමුසෙගෙ තාත්තා මොකද කරන්නෙ ?"

DOOM  Where stories live. Discover now